News Line| Off Air
Generic placeholder image

Dec
2

“අපේ සමහර මිනිස්සු ටිකක් මෝඩයි. මම නම් එහෙම අඳින්න බය නෑ. ඒ වගේ දර්ශන තියෙන එකක් ලැබුණොත්, වෙනසක් තියෙනවා නම් හිතලා බලලා තීරණයක් ගන්නවා.” – ෂෙරිල් ඩෙකර් කියයි.

3054 Views


“අපේ සමහර මිනිස්සු ටිකක් මෝඩයි. මම නම් එහෙම අඳින්න බය නෑ. ඒ වගේ දර්ශන තියෙන එකක් ලැබුණොත්, වෙනසක් තියෙනවා නම් හිතලා බලලා තීරණයක් ගන්නවා.” – ෂෙරිල් ඩෙකර් කියයි.

ෂෙරිල් ඩෙකර් කියන්නේ හැමෝගෙම ආදරය දිනා ගත්ත ජනප්‍රිය නිළියක්. හැබැයි පහුගිය දවස් වල ශෙරීල් හිටියේ ටිකක් සද්ද නැතුව. ඒ ඇයි කියලා ෂෙරිල් පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණේ මෙහෙමයි.

මොකද ෂෙරිල් කාලයක් නිහඬව හිටියේ.?

මම ඉතිං නිහඬව ඉන්න චරිතයක්නේ. මම රංගනයට දායක වුණේ තෝරගෙන. ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයිනේ. ඒ නිසා හොඳ පිටපතක් ලැබුණොත් තමයි මම බාරගන්නේ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් වුණත් තාම නාට්‍ය පහකට වගෙයි දායකවෙලා තියෙන්නේ.

ඒ කියන්නේ මේ වෙද්දි ෂෙරිල් සල්ලි හොයලා විතරයි ?

සල්ලි කියන දේ ජීවිතේට ඕනේ. ඒත් අවශ්‍ය ප්‍රමාණයට සල්ලි තිබුණම ඇති. දුක් විඳගෙන මනුස්සකම අමතක කරලා සල්ලි හොයන්න මට උවමනාවක් නැහැ.

වැඩිය දකින්න නැති වෙනකොට රසිකයින්ට ඔබව අමතක වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ.. ඉස්සර වගේම අදටත් මට රසික ආදරය තියෙනවා. මාව දකින්නේ නෑ කියලා ඒ අයට මාව අමතක වෙන්නේ නැහැ.

රුවන්ගේ වාරණවලටත් යටත් වෙනවා ඇති?

කවදාවත් රුවන් මට කලාවෙදි වාරණ දාන්නේ නැහැ.

මියුසික් වීඩියෝවකට අඩනිරුවත් වෙන්න හෝ අසැබි දර්ශනයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවද?

එහෙම නිර්මාණ බිහිවෙනවා. ඒ නිර්මාණ වල ඉන්න නිළියන්ට බණින එක වැරදියි. ඒ අයට හොද නිසානේ සම්බන්ධ වෙන්නේ.ඒක රගපෑමක් විතරයි. අනික පිටරටවල්වල යන නිර්මාණ ඕන තරම් තියෙන්නේ.අපේ රටේ සංස්කෘතිය කියලා සමහර අය හොරෙන් කරන දේවල් කොච්චර තියෙනවාද. සමහර මිනිස්සු මානසික ලෙඩ්ඩු වගේ කොටට ඇන්දත් වැරදි පේනවා.මම මගේ රටට ගොඩක් ආදරෙයි. ඒත් සමහර මිනිස්සු හරි මෝඩයි. ඒගැන මම ලජ්ජා වෙනවා. මම නම් කොටට අදින්න බය වෙන්නේ නැහැ. ඒ වගේ නිර්මාණයක් ලැබුණොත් හොද නම් වෙනසක් තියෙනවා නම් මම හිතලා බලලා තීරණයක් ගන්නවා.


News Articles
Latest Videos
Most Popular Post