පහුගිය දවස් ටිකේම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන මාතෘකාව වුනේ එක්දින කණ්ඩායම් නායකත්වය. මේ අවුරුද්දේ විතරක් ලංකාවේ එක්දින කණ්ඩායම් නායකත්වය 4 දෙනෙක්ගේ අතින් අත ගියා. දැන් නායකත්වය හිමි වෙලා තියෙන්නේ තිසර පෙරේරාට. මීට කලින් ලංකාවේ එක්දින කණ්ඩායමට නායකත්වය දුන්න ක්‍රීඩකයන් ගැන හොයලා බැලුවා. තරඟ 20 ට වඩා නායකත්වය දීපු ක්‍රීඩකයන් විතරයි අපි තෝරා ගත්තෙ.
ලංකාවේ බිහිවුන හොදම නායකයා විදියට තාමත් හදුන්වන්නේ අර්ජුණ රණතුංග. 1996 ලෝක කුසලානය දිනපු කණ්ඩායමට නායකත්වය දුන්නෙත් අර්ජුණ. එ් වගේම වැඩිම එක්දින තරඟ ගණනකදී ලංකාවට නායකත්වය දීලා තියෙන්නෙත් අර්ජුණ. ඔහු තරඟ 193 කදී ලංකාව මෙහෙයවලා තියෙනවා. ඉන් තරඟ 89 ක් ජය ගනිද්දී 95 ක් පැරදිලා තියෙනවා. අර්ජුණගේ තරඟ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 48.37% ක්.
අර්ජුණගෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩියෙන්ම නායකත්වය දීලා තියෙන්නේ මහේල ජයවර්ධන. මහේල තරඟ 126 කදී ලංකාවට නායකත්වය දීලා තියෙනවා. එ්වාගෙන් තරඟ 68 ක් දිනවලා තියෙන මහේල තරඟ 49 ක් පැරදිලා තියෙනවා. ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය 58.05%. සනත් ජයසූරිය තරඟ 118 කදී ලංකාව මෙහෙයවලා තියෙනවා. ඉන් තරඟ 66 ක් දිනද්දී 49 ක් පැරදිලා තියෙනවා. සනත්ගේ තරඟ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 58.26% ක්.
මේ අවුරුද්දේ මැදදි අැන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එ වෙද්දි ඔහු එක්දින තරඟ 98 කට නායකත්වය දීලා තියෙනවා. මැතිව්ස් තරඟ 66 ක් දිනද්දී 47 ක් පැරදිලා තියෙනවා. ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය 51.07% ක්. මාවන් අතපත්තු තරඟ 63 කදි ලංකාව මෙහෙයවලා තියෙනවා. හැබැයි ඔහුට දිනන්න පුළුවන් වෙලා තියෙන්නේ තරඟ 35 ක් විතරයි. තරඟ 27 ක් පැරදිලා තියෙනවා. මාවන්ගේ තරඟ ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 56.45% ක්.
ලංකාවෙන් බිහිවුන සුපිරිම පිතිකරු කුමාර සංගක්කාර තරඟ 45 කදී ලංකාවට නායකත්වය දීලා තියෙනවා. ඉන් තරඟ 27 ක්ම දිනවන්න ඔහුට පුළුවන් වුනා. එ් වගේම තරංග 14 ක් පැරදිලා තියෙනවා. වැඩිම තරඟ ජයග්‍රහණය කරවීමේ ප්‍රතිශතයක් තියෙන්නෙත් සංගාට. එ් 65.85% ක්. තිලකරත්න ඩිල්ෂාන් තරඟ 26 කදී ලංකාවට නායකත්වය දීලා තියෙනවා. හැබැයි තරඟ 11 යි ඔහු දිනලා තියෙන්නේ. තරඟ 15 ක්ම පරාජය වේලා තියෙනවා. ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය 42.30% යි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට අන්තිමටම නායකත්වය දුන්නේ උපුල් තරංග. ඔහු තරඟ 22 කදී ලංකාව මෙහෙයවලා තියෙනවා. හැබැයි ඉන් තරඟ 16 ක්ම පැරදිලා තියෙනවා. තරඟ 4 ක් විතරයි තරංග දිනවලා තියෙන්නේ. ඔහුගේ තරඟ ජයග්‍රහණය කරවීමේ ප්‍රතිශතය 20.00% ක්. දත්ත වලට අනුව නම් ඔහු තමයි අසාර්ථකම නායකයා. හැබැයි අමාරුම කාලයේ කණ්ඩායමට නායකත්වය දුන්නේ ඔහු කියලා අමතක කරන්නත් බෑ
මහේලගෙන් පස්සේ කිසිම ක්‍රීඩකයෙක් තරඟ 100 කට නායකත්වය දීලා නෑ. එ් වගේම මහේල, සංගා, සනත් නායකත්වය දරණ කාලයේ සුපිරි ක්‍රීඩකයන් කණ්ඩායමේ හිටියා කියලත් අමතක කරන්න බෑ. එ් නිසා ඔවුන්ගේ නායකත්වයටත් ලොකු හයියක් ලැබුණා. කොහොම වුනත් අපි බලමු තිසර පෙරේරා මොන විදියට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවාවිද කියලා.