අද 2017 දෙසැම්බර් මාසයේ 03 ඉරිදා
රාහු කාලය: පෙ.ව 04.24 සිට 05.55
සුභ දිශාව: දකුණ

ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ඔබගේ කටයුතු වල සාර්ථක භාවයක් ඇති වීමට හේතු වෙනවා. ඔබ ණය දි ඇත්නම් ඒවා ලබා ගැනීමට බැංකු ණය වාරික ඇත්නම් ඒවා ගෙවා ගැනීමට ඉඩකඩ ලැබෙන දවසක්. ශරීර සෞඛ්‍ය අතින්ද යහපත් දවසක් වේවි. ගෙදර දොර වාසනාවන්ත වෙනවා. මංගල යෝග උදා වෙනවා. ඔබ අලුත් දෙයක් ඉගෙනීමට බලපොරෝත්තු උනනානම් ඒවා පිළිබද උනන්දු වීමට නිතිය පිළිබද කටයුතු වලට ඉදිරිපත් වීමට ඉතාම යහපත් දවසක්. උසස් අයගේ ගරු සැලකිලි ලැබෙනවා. අන් අයට ඔබ පිළිබඳව වටිනාකමක් දැනෙන දිනයක්.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 09

වැය පක්ෂය අධික වේවි. ඔබට කේන්ති යන අයුරින් යමෙක් කතා කිරීමට ඉඩ තිබෙනවා. විදේශ ගමන් පිලිබදව සිහින මවන ඔබට බලාපොරොත්තු නොවූ අන්දමින් ඒ පිලිබදව කටයුතු සිදු වෙනවා. අධ්‍යාපන කටයුතු ක්‍රිඩා කුසලතා වර්ධනය වේවි. නොගැලපෙන ආහාරපාන වැටීම් තැලීම් ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි. ලිපිලේඛන අත්සන් කිරීමේදී විමසිලිමත් වීම වඩා වැදගත්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 06

වියදම් අධික වුවත් ඊට සරිලන මුදල් ඔබට ලැබේවි. කේලාම් බස් නිසා අන් අය සමග මත ගැටුම් ඇති වීමට ඉඩ තිබෙනවා. ගණුදෙනු වලදී නොතෙරුම්කමින් පාඩු සිදුවීම නිසා ණයට දීම ණයට ගැනීම අද දිනය තුල සුදුසු නොවේ. සතුරන් ජය ගැනීමට ධන ලාභ ලැබීමට තම කටයුතු සඵල කර ගැනීමට හේතු වෙනවා. ප්‍රිය සම්භාෂණ වලට ආරාධනා ලැබෙනවා. පවුලේ අය අතර සමගිය වර්ධනය වේවි. ගමන් බිමන් අධික වීමට නැති කරදර ඇති වීමට ඉඩ තියෙනවා. වැඩිහිටි උපදෙස් අනුව කටයුතු කරන්න.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05

ඔබගේ බලාපොරොත්තු ඉටු වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. දරුවන්ට දෙමව්පියන්ට හිතවතුන්ට උදව් උපකාර කිරීමට ඔබට ශක්තිය උදා වෙනවා. ජලය සම්බන්ධ ව්‍යාපාර කරන අයට ලාභ හිමි වෙනවා. නොයෙක් ආකාරයට සතුටු වීමට ලාභ ලැබීමට අවස්ථාව උදා වෙනවා. රහස් සතුරු බලවේග අන් අයගේ ඊර්ෂියාව බඩේ අමාරු ඇස්වල අමාරු හදිසි අනතුරු මතු වේවි. මනා සංයමයකින් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03

ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි දවසක්. ආදර සංග්‍රහ ලැබීමට ඇප උපකාර ලැබීමට පවුලේ දූදරුවන් සමඟ සතුටින් ගත් කිරීමට මවගෙන් උපකාර ලැබීමට හේතු වෙනවා. ඔබ බලාපොරොත්තුවෙන් සිටි නමුත් නොලැබී ගිය යමක් හිමි වීමක් තියෙනවා. ව්‍යාපාරිකයන්ට රාජ්‍ය නිලධාරීන්ට කලාකරුවන්ට ඔබගේ අගය අද අන් අයට දැනෙනනවා. ඔබගේ ඉක්මන් ආවේගශීලි ගතිය ඉවසීම අඩුකම පහසුවෙන් බේරුම් කර ගැනීමට හැකි දේවල් අවුල් වීමට ඉඩ ඇති බැවින් ඉවසන්න තැනට සුදුසු නුවණ භාවිතා කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 09

සිත් තැවුලක් කණගාටුවක් ඇති වීමට පපුවේ ආබාධ ඇති වීමට යම් අයෙකුගේ තර්ජන වලට මුහුණ දීමට ඉඩ ඇති බැවින් ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න. වැඩිහිටි උපදෙස් පිළිපැදීම මවට පියාට කළගුණ සැලකීම ඔබට යහපතක් උදා කරාවි. සිතට සැනසීම උදා වේවි. අන් අයගේ උපකාර ලැබෙනවා. වැය පක්ෂය අධික වේවි. ආර්ථික ශක්තිය ලැබීමට දානමාන කටයුතු වල යෙදීමට විභාග වලින් ජය ලැබීමට හේතු වාසනාව ලැබේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

ඔබට අද ආහාර දිරවීමේ බාධා ඇති වේවි. තුනටියේ වේදනා දණහිස් වේදනා මතුවිය හැකි බැවින් ආරක්ෂාකාරී වෙන්න. හිතට සහනය අඩු කරන දවසක්. වෛද්‍ය උපදෙස් පිළිපැදීම විවේක ගැනීම ඉතා වැදගත්. කේලම් ඕපාදුප වලින් ආරක්ෂා වන්න. අභියෝග ජය ගැනීමට පීරිස් බලයක් පෙන්වීමට තම බලය පෙන්වීමට තමන්ගේ නම හොද වීමට වාසනාවන්ත වෙනවා.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 06

සැප පහසුව කටයුතු කිරීමට ආදායම් තත්වය යහපත් වීමට එවැනි කටයුත්තක යෙදීමට ඉඩකඩ ඇති වේවි. සතුට උදා කරන දවසක්. බලාපොරොත්තු නොවූ ලාභයක් මුදලක් ලැබෙන දවසක්. නොතේරුම්කමින් ගන්නා තීන්දුවක් නිසා සිත් තැවුලක් රැවටීමක් ඇති වීමට ඉඩ තිබෙනවා. හදිසි අනතුරු ඇති වීම සැප පහසුව අඩු වීමට දත්වල අමාරු ඇති වීමට විරුද්ධ පක්ෂයේ ඇසුර නිසා අඩදබර ඇති වීමට ඉඩ තිබෙනවා. ගින්නෙන් ආරක්ෂා වීමට වගබලා ගන්න. ඇස්වල ආබාධ ලේ විෂ වීම් ආදියෙන් ප්‍රවේසම් වන්න. වැඩිහිටි උපදෙස් අනුව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 09

අද ඔබගේ බොහෝ බලාපොරොත්තු ඉටු වන දවසක්. ආර්ථික ශක්තිය සමග පීරිස් බලයක් ඇති වෙනවා. ඔබගේ ගමන් බිමන් ඇපවිම් ආදියෙන් පරිස්සම් විය යුතුයි. අනතුරු වලින් ආරක්ෂා වීම රාත්‍රී ගමන් වලින් වැලකීම ඉතාම හොදයි. සතුරු කරදර ඇති වෙනවා. තමන් සන්තක වටිනා දේවල් අස්ථාන ගත විය හැකියි. දුරදිග බලා බුද්ධිමත්ව කටයුතු කරන්න. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙනවා. ඔබට සතුට සැනසීම උදා වෙනවා.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03

භාහිර කරදර නිසා පසුතැවිලි වීමට ඉඩ නොතබා තැනට සුදුසු අන්දමට ආත්ම ශක්තියෙන් කටයුතු කර අභියෝග ජය ගන්න. ගරු සැලකිලි ලැබේවි. අන් අයගේ අනුකම්පාව ලැබේවි. ඔබගේ කැපවීම ක්‍රියාශුරත්වය පිලිබඳ කතා බහට ලක්වන දවසක්. ඔබට වන්දනා ගමනකට ප්‍රිය සම්භාෂණයකට ආරාධනා ලැබේවි. කලාකරුවන්ට යහපත් වේවි. පවුලේ අයගේ සතුට වර්ධනය වේවි. ව්‍යාපාර කටයුතු වෘත්තීය කටයුතු නිසා සිතේ සතුටට බාධා වීම ඇතිවිය හැකියි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 08

ජලයෙන් පීඩා ඇති වීමට සෙම් බහුල අසනීප ඇති වීමට නින්දට බාධා ගෙන දීමට හේතුවන දවසක්. ආගමික කටයුතු වලින් වාසනාවන්ත වේවි. හොඳ සිහිය මනුස්සකම පවත්වා ගන්න. අභියෝග මැද කටයුතු සඵල වේවි. සුභඵල අඩු වශයෙන් ලැබෙන දවසක්. ඉවසිලිවන්තව දුරදිග බලා කටයුතු කරන්න.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 08

මුදල් තත්වය සතුටුදායක වුවත් ඒවා වියදම් වීමට කටයුතු යෙදෙනවා. ඔබගේ අවංකභාවය පිලිබදව කටයුතු කරන දවසක්. ඔබට අහිමි වූ නිසි තැන යලි ලබා දීමටත් කාර්යබහුල වීමටත් හේතු වෙනවා. පාදයකට කරදරයක් වීමට මානසික පීඩා ඇති වීමට හේතුවිය හැකියි. ධර්මානුකුලව කටයුතු කරන්න. ලද දෙයින් සතුටු වන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර
දුරකථන අංකය : 0777 44 86 44