News Line| Off Air
Generic placeholder image

Dec
4

2020 ජනාධිපති කවුද? ඊයේ පෙරේදා වෙබ් අඩවි මවා පෑ සමික්ෂණ කතාව පට්ටපල් බොරුවක්. ඇත්ත මෙන්න.

2472 Views


2020 ජනාධිපති කවුද? ඊයේ පෙරේදා වෙබ් අඩවි මවා පෑ සමික්ෂණ කතාව පට්ටපල් බොරුවක්. ඇත්ත මෙන්න.

ඊයේ සති අන්ත පුවත්පත් බොහොමයක 2020 ජනාධිපතිවරණය ගැන පුවතක් පලවුණා. එ්කේ කියලා තිබ්බේ 2020 ජනාධිපති වෙන්නේ කවුද කියලා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමීක්ෂණයක් කරා කියලා. පත්තරේ පිටවුන ගමන්ම මේ පුවත ගොඩක් වෙබ් අඩවි වලින් අමු අමුවේම කොපි කරලා ගහලා තිබුනා. හැබැයි එ් පුවතේ සත්‍ය අසත්‍යතාව නිවැරදිව තහවුරු නොවුන නිසා සියත 24 අපි එ් පුවත පල කරේ නෑ.

කොහොම වුනත් අද ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කිව්වේ එ් පුවත බොරුවක් කියලා. කොළඹ විශ්ව විද්‍යාලය ලිඛිතව ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවට කියලා තිබ්බේ කොළඹ විශ්ව විද්‍යාලයවත් එහි ජනමාධ්‍ය එ්කකයවත් එ්කට සම්බන්ධ නෑ කියලා. කොළඹ විශ්ව විද්‍යාලයේ වෙනත් පීඨයකින්වත් එහෙම සමීක්ෂණයක් කරලා නෑ කියලයි දන්වලා තියෙන්නේ. ඒ වගේම වෙනත් විශ්ව විද්‍යාලයකින්වත් මෙහෙම සමීක්ෂණයක් කරලා නෑ.

මේ පුවත වෙබ් අඩවි රැසක් ලොකුවට වාර්තා කරලා තිබුනා. සාමාන්‍යයෙන් පුවතක් පලකරන්න කලින් ඒ තොරතුරේ සත්‍යතාවය හොයල බලන්න ඕන. එහෙම නැතුව තමන්ගේ වෙබ් අඩවියේ Views හෝ Likes වෙනුවෙන් ඕනම දෙයක් පලකරන එක මාධ්‍ය ආචාරධර්ම වලට කොච්චර සාධාරණයිද කියන කාරණය ගැන තවත් හිතන්න ඕන කියල සියත 24 අපි යෝජනා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post