අද 2017 දෙසැම්බර් මාසයේ 04 සඳුදා
රාහු කාලය: පෙ.ව.07.36 සිට 09.04
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ

හවුල් ව්‍යාපාර කටයුතු අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු සාර්ථක වෙනවා. ඉහල නිලධාරීන්ගෙන් ඔබේ කටයුතු වලට පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. කාන්තා පාර්ශවයේ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. වෘත්තිමය කටයුතු පිලිබදව කම්මැලි ස්වභාවයක් පවතිනවා. වියදම් පාර්ශවය තරමක් ඉහල යා හැකියි. මානසික සුවතාව අත් වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය ජය අංකය: 09

කායික ශක්තිය වර්ධනය වෙනවා. නිරෝගී සුවය උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ජව සම්පන්න කටයුතු ක්‍රිඩාශීලි කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. අවි ආයුධ තාක්ෂණික මෙවලම් භාවිතා කරන කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. ඔබට එරෙහිව සතුරු කරදර බාධා තිබුණානම් ඒවාට එරෙහිව නැගී සිටීමේ ශක්තිය ඔබට උදා වෙනවා. ඔබගේ පෞරුෂය විදහා දැක්වීමේ හැකියාව වාසනාව පවතිනවා. මානසික පීඩාකාරී ස්වභාව යටපත් වෙලා සිතේ සතුට වර්ධනය කරගත හැකි වෙනවා.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 03

හවුල් ව්‍යාපාර කටයුතු වලට පුංචි මන්දගාමී ස්වභාවයක් ඇති වුනත් ඇති වෙන්න පුළුවන් චිත්ත පීඩා මානසික අසහන යටපත් කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. අසල්වාසීන්ගේ කටයුතු ඥාතීන්ගේ කටයුතු නිසා තරමක පීඩාකාරී ස්වභාව මානසිකත්ව ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. රෝහල් ආශ්‍රිත කටයුතු වලට අද දවසේදී වැඩි ඉඩකඩක් වෙන් කිරීමට සිදු වේවි. වියදම් පාර්ශවය ඉහල යාමේ ඉඩකඩක් පවතිනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

තමන්ගේ වාසස්ථාන පිලිබදව ගැටළුකාරී ස්වභාව ඇති විය හැකියි. නිතර නිදා ගන්න ස්ථානය වෙනස් කරන්න ඔබට සිත් පහල වෙනවා. තමන් නිදා ගන්න පරිසරය යම් ආකාරයක කලබගෑනි වලට පත් වීමට ඉඩ තියෙනවා. ඔබ නිතර භාවිතා කරන යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිතව ගැටළු පැන නගිනවා. සුරතල් මසුන් ඇති කිරීම දියර සහ වැගිරෙන සුළු දේවල් අලෙවිය මගින් බොහෝ ලාභ ලබා ගත හැකි වෙනවා. කොමිස් මුදල් හිමිවෙන කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. නිතර කෙටි ගමන් බිමන් යෙදෙනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09

තරමක සතුට සපිරුණු දවසක්. තමන්ගේ වෘත්තිමය කටයුතු වලදී බොහෝ දෙනාගේ උදව් උපකාර ලබා ගන්න පුළුවන් දවසක්. පාද ආශ්‍රිත රෝගී තත්ව වෙහෙසකර තත්ව වලින් හට ගන්නා පීඩා තරමක බාධා ගෙන දෙනවා. නමුත් සෙසු සෑම කටයුත්තකින්ම ජයග්‍රහණ හිමි වීමත් අන් අයගේ උදව් උපකාර හිමි වීමත් සිතේ සතුට වර්ධනය වීමත් ඔබ වෘත්තීය කරන ස්ථානයේ පාරිසරික තත්වයන් යහපත් මට්ටමක පැවතීමත් දවසේ වඩා වැදගත් තත්වයන් හැටියට පෙන්නුම් කරනවා. පපුව ආශ්‍රිත පුංචි කැක්කුම් ඇතිවිය හැකියි. අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් උදව් උපකාර ලබා ගත හැකියි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 05

ජයග්‍රාහී ලීලාවෙන් ආරම්භ කරන බොහෝ කටයුතු ඒ ආකාරයෙන් පවත්වා ගෙන යාමේ හැකියාව ලැබෙනවා. මව්පස ඥාතීන්ගෙන් කාන්තාවන්ගෙන් බොහෝ උපකාර ලැබෙනවා. තියුණු වචන බාවිතා කිරීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. ඔබගේ වචන වලට අන් අයගේ ගෞරවය හිමි වෙනවා. අධ්‍යාපනික කටයුතු උසස් කර ගැනීමේ ඥානය දියුණු කර ගැනීමේ හැකියාව ඔබේ දැනුම මුල් කරගෙන අන් අයව වසඟ කර ගැනීමේ හැකියාව පවතිනවා. වාසස්ථාන ආශ්‍රිතව පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. සෙම් සහිත රෝග වලින් පීඩා ඇතිවිය හැකියි.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය ජය අංකය: 09

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. දීප්තිමත් ස්වභාවය හැකියාව වැඩි වෙනවා. සෙම් සහිත රෝග පපුව ආශ්‍රිත රෝග වලින් පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. දණහිස ආශ්‍රිත රෝගී තත්ව වුවත් ඇතිවිය හැකියි. අදහස් බොහොමයක් ගලා ගෙන එනවා. නමුත් ඒ අදහස් ක්‍රියාවට නංවන්න තරමක් අපහසු වෙනවා. ඒ නිසාම කේන්ති සහගත සිතුවිලි වුවත් ඇතිවිය හැකියි. ජීවිතය පිලිබදව අලුත් බලාපොරොත්තු අතහැරලා දාල තිබුන කටයුතු ආරම්භ කරන්න ජවය ශක්තිය හිමි වෙනවා. අලුත් අලුත් දේවල් මිලදී ගන්න ඔබට යම් තරමක දේවල් වැය කරන්න මිඩංගු කරන්න සිදු වේවි. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්වද ඇතිවිය හැකියි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06

පියපස ඥාතීන්ගේ බොහෝ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව යම් ආකාරයක ජයග්‍රාහි මානසිකත්වයකින් විමසා බැලීමේ ඉඩකඩ පවතිනවා. නමුත් ප්‍රේමනීය සබඳතා විවාහ සබඳතා පිලිබදව එතරම් යහපත් තත්වයක් නිර්මාණය කරන්නේ නැහැ. අවලාද, අපහාස උපහාස වගේ තත්ව ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. චිත්ත පීඩා වගේම අතුරු ආන්තරා තත්ව ඇතිවිය හැකියි. බොහෝ සෙයින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඉවසිලිවන්ත වෙන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08

තාක්ෂණය යන්ත්‍ර සුත්‍ර යානවාහන සම්බන්ධ කටයුතු වලින් බොහෝ ධන ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්. ශල්‍ය වෛද්‍ය ඉංජිනේරු සේවා වැනි වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අයටත් අද දවසේ වාසනා ශක්තිය උදා වෙනවා. මානසික ශක්තිය ඉතාමත්ම යහපත්. නිරෝගී සුවය උදා වෙනවා. කායික ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පැවතුණත් ඔබ කරන කියන කටයුතු වල යම් ආකාරයක ව්‍යාකුල තත්ව නිර්මාණය වීමේ ඉඩකඩ පවතිනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 09

රැකිරක්ෂා ස්ථාන වල අණ කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මේ නිසාම ඔබට එරෙහිව සියුම් සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එළිපිට සතුරන් නිර්මාණය නොවුනත් අභ්‍යන්තර සතුරු කුමන්ත්‍රණ ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ඔබ වටා සිටින පුද්ගලයන් පිලිබදව වෙනදට වඩා විමසිලිමත් වෙන්න. ගන්න තීන්දු තීරණ පිලිබදව කල්පනාකාරී වෙන්න. ඔබගේ වාසස්ථාන සම්බන්ධව වෘත්තිමය සම්බන්ධව පුංචි පුංචි බාධා ඇතිවීමේ ඉඩකඩ පෙරනිමිති පහල වෙලා පවතිනවා. හවුල් ව්‍යාපාර වල විවාහ කටයුතු වලත් යම් ආකාරයක බාධා ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අධ්‍යාපනික කටයුතු වලද යම් ආකාරයක ශක්තියක් වර්ධනය වෙනවා.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 08

පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. දේපල ඉඩකඩම් පිලිබදව ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන් වාසනාව පවතිනවා. ආදායම් තත්වය වර්ධනය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව වලින් පිඩාවට පත් වෙලා හිටියනම් එවැනි රෝග වලින් සුවයක් ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. තමන්ට එරෙහි සතුරු කරදර දුරු කර ගන්න පුළුවන්. සෙම් සහිත රෝග වලින් පීඩාකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

සෙම් සහිත රෝග වලින් පීඩා ඇති වෙනවා. කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීම වඩාත් වැදගත් වෙනවා. අසල්වාසීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. සහෝදර ඥාතීන් තමන්ගේ කටයුතු වලට විශේෂයෙන් උදව් උපකාර ලබා දෙනවා. එවැනි තත්වයක් යටතේ වුවත් හිතට නිවනක් නැති දවසක්. ගන්න තීන්දු තීරණ දෙපාරක් හිතන්න කල්පනා කරන්න පෙළඹෙන දවසක්. අධික කේන්ති සහගත ස්වභාවයක් ඇති වෙනවා. මානසික ශක්තිය යම් ආකාරයකට අඩාල වීමේ ඉඩක් පවතිනවා. ආගමානුකුල කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වෘත්තිමය කටයුතු වලටත් අඩාල වීමක්, බාධා වීමක් පවතිනවා.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353