News Line| Off Air
Generic placeholder image

Dec
4

ඊයේ පුහුණුකරු සහ අභ්‍යාසක පන්දු රකින්න ආපු එක නීති විරෝධීද? – හදිසි අවස්ථාවකදී ප්‍රේක්ෂකයෙක්ට වුනත් ඇවිත් පන්දු රකින්න පුළුවන් ක්‍රිකට් වල අමුතු නීතිය මෙන්න.

2718 Views


ඊයේ පුහුණුකරු සහ අභ්‍යාසක පන්දු රකින්න ආපු එක නීති විරෝධීද? – හදිසි අවස්ථාවකදී ප්‍රේක්ෂකයෙක්ට වුනත් ඇවිත් පන්දු රකින්න පුළුවන් ක්‍රිකට් වල අමුතු නීතිය මෙන්න.

විෂ දුම නිසා ඊයේ ඉන්දියාව සහ ලංකාව අතර ටෙස්ට් තරඟයට බාධා අැති වුණා. විෂ දුම අාග්‍රහණය වුන නිසා ලංකාවේ වේගපන්දු යවන්නන් ක්‍රීඩාගාරයට ගියා. පන්දු යවමින් හිටිය ලක්ෂාන් සඳකැනුත් පන්දු යවන්න බෑ කිව්වා. සදීර සමරවික්‍රමත් හිටියේ අබාධයකට ලක් වෙලා. මේ නිසා ලංකාවට පන්දු රකින්නන් 11 ක් හදා ගන්න අමාරු වුණා. එ් වෙලාවේ ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු සහ අභ්‍යාසක, පන්දු රකින්න සූදානම් වෙලා හිටියා.

එ් ගැන හැමෝම හිටියේ ලොකු ප්‍රශ්නාර්ථයකින්. එහෙම පුහුණුකරවන්ට පන්දු රකින්න පුළුවන්ද? කණ්ඩායමේ නැති අය කොහොමද ක්‍රීඩා කරන්නෙ? මේ ප්‍රශ්න ගොඩක් අයට තිබ්බා. එ් නිසා අපි එ් ගැන හොයලා බැලුවා. ක්‍රිකට් නීති පොතේ හැටියට නම් එහෙම කරන්න පුළුවන්. එ් කණ්ඩායම ලොකු අර්බුදයකට ලක්වෙලා පන්දු රකින්න ක්‍රීඩකයො මදි වුනාම කැමති ඕනෑම කෙනෙක් පන්දු රකින්න යොදා ගන්න පුළුවන්. සංචිතයේ ඉන්න කෙනෙක් හරි සංචිතයේ නැති කෙනෙක් හරි විරුද්ධ පිලේ කවුරු හරි වුනත් ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම යොදා ගන්න අයට පුළුවන් පන්දු රකින්න විතරයි. පන්දු යවන්නවත් පිතිකරණයේ යෙදෙන්නවත් බෑ.

මේ වගේ අවස්ථා කිහිපයක්ම ක්‍රිකට් ඉතිහාසයේ වෙලා තියෙනවා. ලංකාව මීට කලින් එ් වගේ අවස්ථානකට මුහුණ දුන්නේ සිම්බාබ්වේ එක්ක තිබ්බ ටෙස්ට් තරඟයේදී. ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයේදී අාබාධයකට ලක්වුණ ක්‍රීඩකයෙක් නිසා පන්දු රකින්න තවත් කෙනෙක් හොයා ගන්න වුණා. එ් වෙලාවේදී 19 පහළ ජාතික කණ්ඩායමේ හරීන් බුද්ධිල පන්දු රකින්න කැදෙව්වා. එ් වගේම තවත් අපූරු අවස්ථාවක් ලංකා ක්‍රිකට් ඉතිහාසයෙන් වාර්ථා වෙනවා. නවසීලන්ත කණ්ඩායම ලංකාවේ සංචාරය කරපු වෙලාවක ඔවුන්ට බඩේ අමාරුවක් හැදුණා. නවසීලන්ත ක්‍රීඩකයන් සැරින් සැරේ රෝහල් ගත කරන්න වුණා. එ් නිසා ඔවුන්ටත් පන්දු රකින්න කෙනෙක්ව හොයා ගන්න වුණා. ලංකාවට අැවිත් හිටිය ඔවුන්ගේ කණ්ඩායමම අසනීප වෙලා හිටිය නිසා මිලින්ද සිරිවර්ධන නවසීලන්තය වෙනුවෙන් පන්දු රැක්කා.

ලංකාවට ඊයේ සිද්ධ වුනෙත් එ් වගේ සිදුවීමක්. විෂ දුම නිසා ලංකාවේ ක්‍රීඩකයන් අසනීප වුණා. එ් නිසා ක්‍රීඩකයන්ව බේරා ගන්න ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු සහ අභ්‍යාසක පන්දු රකින්න සූදානම් වුණා.


News Articles
Latest Videos
Most Popular Post