News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

හදිස්සියට දික්කසාද වුනොත් අවුරුදු 3 කට හිරේ.

3766 Views


හදිස්සියට දික්කසාද වුනොත් අවුරුදු 3 කට හිරේ.

දෙන්නෙක් හරියට තේරුම් අරන් කසාද බදිනවා නම් දික්කසාදය කියලා වචනයක් ලෝකයට නොඑන්න තිබ්බා. මුලදී ගහට පොත්ත වගේ ඉන්න දෙන්නා පස්සේ අවිශ්වාසය, බොරුව නිසා නයාට අඳු කොළ වගේ වෙනවා. හැබැයි අරාබි රටවල වගේ ඉන්දියාවේත් සැමියන්ට හිතුන හිතුන වෙලාවට බිරින්දෑවරුන්ව දික්කසාද කරනවා.

මේකට විරුද්ධව ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් 05 දෙනෙක් ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබ්බා. ඔවුන් කියලා තිබ්බේ සම්ප්‍රදායික විවාහ නීති රීති නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා. නඩුවේ තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධීකරණය කිව්වේ කිසිම සාධාරණ හේතුවක් නැතුව හිදිසියේ දික්කසාද කරොත් අවුරුදු 3 ක සිර දඩුවම් ලබා දෙනවා කියලා. එ් වගේම පීඩාවට පත්වුණ බිරින්දෑවරුන්ට වන්දි සහ දඩ මුදල් ගෙවන්න වෙනවා කියලා. එ් වෙනුවෙන් අලුත් නීතිරීතිත් හදන්න සූදානම් වෙනවා.

ඉස්ලාම් සම්ප්‍රදායට අනුව තුන් සැරයක් විවාහ වෙන්න සහ දික්කසාද වෙන්න පුළුවන්. කොහොම වුනත් කසාඳ බැදලා පස්සෙ දික්කාසාද වෙනවාට වඩා බඳින්න කලින් ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන්ද කියලා බැලුවා නම් ඔය කරදර එකක්වත් නෑ.


News Articles
Latest Videos
Most Popular Post