සාමාන්‍යයෙන් කොළඹ පාරවල් වල තියෙන තදබදය ගැන අත්දැකීම ඔබ විඳලා ඇති. වාහන වල පැය ගණන් පාරේ රස්තියාදු වෙන්න කවුරු උනත් කැමති නෑ. සමහර වෙලාවට පාරවල් වල තදබදයක් ඇති වෙන්නේ වාහන වැඩි කමටම නෙමෙයි. පාරවල් වල තියෙන උද්ඝෝෂණ, පෙළපාලි, පිකටින් වගේ දේවල් නිසාත් පාරවල් වැහෙන වෙලාවල් එනවා. ඉතින් මේ වගේ වෙලාවට ඒ කට්ටියව විසුරුවාහරින්න පොලිසිය කරන්නේ ජල ප්‍රහාර, කඳුළු ගෑස් වගේ දේවල් යොදාගන්න එක.
එත් ඔන්න, මේ වගේ දේවල් විසුරුවාහරින්න කලින් පාවිච්චි කරපු ක්‍රම වලට අමතරව තවත් අලුත් ක්‍රමයක් ළඟදීම පොලිසියෙන් හඳුන්වලා දෙන්න යනවා. ඒ තමයි නීති විරෝධී උද්ඝෝෂණ, පෙළපාලි විසුරුවාහැරීමට පොලිස් නිල සුනඛයන්ගේ සහාය ලබාගන්න යනවා කියලා අපට ආරංචි වුණා.
උද්ඝෝෂණ, පෙළපාලි විසුරුවා හරින්න පොලිස් කැරලි මර්දන ඒකකය එක්ක කටයුතු කරන ආකාරය ගැන පොලිස් නිල සුනඛයන්ට මේ දවස්වල පුහුණුවක් දෙනවා. මේ පුහුණුව ලබාදෙන්න ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියේ නිලධාරීන් දෙන්නෙකුත් මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. උද්ඝෝෂණ සහ කැළඹිලිවලදී පොලිසියට එල්ල වන ගල් මුල් ප්‍රහාරවලින් වැළකිලා තත්ත්වය පාලනය කරන්න තමයි මේ පොලිස් නිළ සුනඛයින් පුහුණු වෙන්නේ.
ඉතින් අද හෙටම මේ පුහුණුව ගත්ත නිළ සුනඛයින් තමන්ගේ සේවය උද්ඝෝෂණ, පෙළපාලි විසුරුවා හරින්න ලබා දෙන්න නියමිත වෙලා තියෙනවා. අපි බලමු ජල ප්‍රහාර, කඳුළු ගෑස් වගේ දේවල් වලට එහා ගිහින් උද්ඝෝෂණ, පෙළපාලි විසුරුවා හරින්න මෙයාලට පුළුවන් වෙයිද කියලා.