News Line| Off Air
Generic placeholder image

Dec
4

මඩකලපුව වෙරළට සර්පයින් ගොඩගහද්දි, කොළඹ වෙරළට සුදු මාළු… – EXCLUSIVE

3034 Views


මඩකලපුව වෙරළට සර්පයින් ගොඩගහද්දි, කොළඹ වෙරළට සුදු මාළු… – EXCLUSIVE

පහුගිය දවස් කිහිපයේ මඩකලපුවේ ධීවරයන්ට අලුත්ම අත්දැකීමකට මුහුණ පාන්න සිද්ධ වුනා. ඔවුන්ගේ දැල් වලට මාළු වෙනුවට අහු වුනේ සර්ප විශේෂයක්ඒ. ඒ වගේම මඩකලපු ගංගා මෝය කටෙනුත් මේ විදිහේ සර්පයින් විශාල සංඛ්‍යාවක්‌ ගොඩබිමට ආව කියලත් ධීවරයින් කියනවා.

මේ දවස්වල මුහුදේ තියෙන කැළඹිලි සහිත ස්වභාවය එක්ක ගැඹුරු මුහුදේ සිද්ධ වුන ලවණ සාන්ද්‍රණයේ වෙනසක් නිසා මේ ජීවින් ගොඩබිම පැත්තට එන්න ඇති කියලයි සාගර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. ඒ වුනත් මේක ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක් කියලා, මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව මේ දවස්වල ඉන්නේ ටිකක් බයෙන්.

ඉතින් මේ විදිහටම ගැඹුරු මුහුදේ ඉන්න මාළු විශේෂයක්, අද උදේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ඇළකට ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ගත්ත Video දර්ශණ සහ ඡායාරුප.

මඩකලපුව වෙරළට සර්පයින් ආව අවස්ථාවේ Video දර්ශණ.

https://youtu.be/aUsvtMaN0yY

 

වැල්ලවත්ත ප්‍රදේශයට මුහුදේ ඉන්න මාළු විශේෂයක් ආව අවස්ථාවේ Video / Photo


News Articles
Latest Videos
Most Popular Post