අද 2017 දෙසැම්බර් මාසයේ 05 වන අඟහරුවාදා
රාහු කාලය: ප.ව 02.57 සිට 04.25
සුභ දිශා: උතුර – නැගෙනහිර

එඩිතර ස්වභාවය ඉවසීම අඩු ගතිය කාය ශක්තිය ඇති වීම ප්‍රමුඛයා වීමට ඇති දක්ෂතාවය කඩිසර ගතිය ආත්ම දැඩි ශක්තිය ඇති වෙන දවසක්. ඔබට අන් අය අභිබවා කටයුතු කර ජනප්‍රියත්වයට පත් වීමේ භාග්‍ය උදා වෙනවා. අන් අයගේ සිත් තමා වෙත රදවා තබා ගැනීමේ භාග්‍ය උදා වෙනවා. ලස්සනට අදින්න පළදින්න සමාජයේ කැපී පෙනෙන ලෙස සිටින්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 03

වචන බාවිතා කරන වෘත්තීන් වල කටයුතු කරන අයට ජයග්‍රහණය හිමි වෙනවා. විචක්ෂනශීලි ස්වභාවය බුද්ධිමත් ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ඉවසීමෙන් කටයුතු කිරීමට ඇති ශක්තිය හිමියි. ඔබට අද ආර්ථික ලාභය දෙගුණ වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 03

රූපශ්‍රියාවට ලේඛන ශක්තියට නිර්මාණකරණයට හොද යහපත් ආදරවන්තයන් බවට පත් වීමට ඔබ දක්ෂ වෙනවා. රස මසවුළු ආහාර නොගිය තැන් නැරඹීමට ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට හම්බ වෙනවා. මේ සියල්ල ඔබට නුහුරු නුපුරුදු වුවත් පුරුදු කාරයෙක් ලෙස සහභාගී වෙන්න. ඔබ අද ජනප්‍රියත්වයට පත් වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01

ආදායම ප්‍රවේසම් කරගත යුතු දවසක්. ණයට ගැනීම ණයට දීම සුභ නොවේ. ඉතා නිශ්චල ගැඹුරු කල්පනා සහිත ඉවසීම මදක් අඩු ගතියක් පෙන්නුම් කරනවා. සැක සහිතව කාලය ගත වෙනවා. සරල ශාරීරික ව්‍යායාමයකින් ආගමනුකුල කටයුත්තකින් දවස ආරම්භ කරන්න. ඔබ අද ඉන්න නිවස ඉඩම වාහන පිලිබදව අවධානයක් යොමු කරන්න. සොර සතුරන්ගෙන් ප්‍රවේසම් කර ගන්න.
ජය වර්ණය: දීප්තිමත්සුදු පාට ජය අංකය: 03

නොපැකිලිව සත්‍ය ප්‍රකාශ කරන අය. නිදහස් නිවහල් ගති ලක්ෂණ පාලන ශක්තියට දක්ෂ අය. සාධාරණ කල්පනා සාධාරණ තීන්දු ගන්න අය. ඔබගේ ආර්ථික තත්වය වැඩි වෙන දවසක්. ණයට දුන් මුදල් නැවත ලබා ගැනීම වගේ දේවල් උදා වෙන්න පුළුවන්. හදිසි ධන ලාභ ලැබිය හැකි දවසක්. පවුලේ මව්පියන් අඹු දරුවන් සහෝදරයන් ගැන සොයන්න අවශ්‍ය දවසක්.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 02

ඔබ වානිජකරණයට දක්ෂකමද ලාභ ලැබීමට හැකි ව්‍යාපාර ආරම්භ කිරීමට ඥානවන්ත භාවය දෛර්ය කඩිසර ගතිය කල්පනා ශක්තිය ඉතා ඉහලට යන දවසක්. නිර්මාණකරණයට ඉතා සුභයි. නව රැකියා ලාභ ලැබෙනවා. විදේශගත වෙන්න රැකියාවක් උදෙසා කටයුතු කරන්න සුභයි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 01

අන් අය තේරුම් ගැනීමේ හැකියාව පවතිනවා. සියලු ප්‍රශ්න වලදී සමබර ලෙස කටයුතු කිරීමේ භාග්‍ය හිමි වෙනවා. සියලුම් යුතුකම් මනාව ඉටු කිරීමේ ශක්තිය හිමි වෙනවා. විදේශගත වෙන්න විදේශගත භාෂා හදාරන්න ඒ සම්බන්ධ දේවල් හදාරන්න සුභ දවසක්. උනන්දු වී කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 09

ඔබට අද ගංගා ඇලදොළ මුහුදු වල ස්නානය දුර ගමන් වල නියැලීම අසුභයි. මඩ ගොහොරු ලදු කැලෑ අසල ගැවසීමෙන් ඉවත් වෙන්න. කාන්තා පාර්ශවය අඩි උස සපත්තු පැලදිමෙන්ද පුරුෂ පාර්ශවය මත්පැන් පානයෙන්ද ඉවත් වෙන්න ඕන දිනයක්. අවංකභාවය චපල නොවීම සැමියාට බිරිදට මව්පියන්ට දරුවන්ට තමාගේ හදවතේ පතුලෙන්ම උදව් කරන අය.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 08

ඔබට ආර්ථික වාසි ලැබෙන දවසක්. ස්වයං ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයේ තුලින් ඉතා ඉහල මට්ටමක සරු ආදායමක් ලැබෙන්න පුළුවන්. තරමක මංගල යෝග ඔබට උදා වෙනවා. විවාහ ප්‍රමාද ගැටළුකාරී තත්ව මග හැරෙනවා. ප්‍රඥාව පාලන ශක්තිය දැඩි වීර්ය භාවයට ගැඹුරු කල්පනා බලයට නිදහස් භාවයට අධිපතියන්. ඔබගේ පවතින පෞද්ගලික ගති ලක්ෂණ වලට ආදරය කරන කිහිප දෙනෙක් අද බිහි වෙනවා. ප්‍රේම සබදතා වර්ධනය වෙනවා.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 07

ශරීර සෞඛ්‍ය රෝග පීඩා තැලීම් වැටීම් සිරීම් අත් පා බිදුම් වැනි දේ වෙන්න පුළුවන්. අනවශ්‍ය ගමන් යාමෙන් වලකින්න. සේම පිත මේදය වඩවන කෑම වර්ග අද කන්න එපා. කෑමෙන් බිමෙන් වගේම වචන වලින් ප්‍රවේසම් විය යුතු දවසක්. ඔබට යම් ධාරණ ශක්තියක් මතුවන දවසක්. පොත්පත් පරිශීලනයට සුභ දිනයක්.
ජය වර්ණය: ලානිල් පැහැය ජය අංකය: 06

තරමක් උඩඟුයි. මොළයෙන් කරන කටයුතු වලට දක්ෂ වීමද, ශුක්ෂම වැඩ වලට දක්ෂ වීමද, සතුරන් මර්ධනය කර ඉදිරියට යාමේ ශක්තියද පවතිනවා. ඔබට අතපසු වුණු වැඩ ආරම්භ කර එයින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. අධ්‍යාපන වෙළදාම් ඒ වගේම ස්වයං ව්‍යාපාර වලදී ලිපිගොනු කටයුතු වලදී අතපසු වීම් වුණානම් ආරම්භ කරන්න කදිමයි.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 05

තීක්ෂණ ඥානය ආද්‍යාත්මික ශක්තිය උපදවන්න පුළුවන් අය. දුබල අයට පිහිට වීම ආචාර්ය මහාචාර්ය වලට හිමිකම් කීම ඉහල මට්ටමක පවතිනවා. මව් සෙනෙහස පිය සෙනෙහස දරු සෙනෙහස සහෝදර කැක්කුම අද ඔබට ඇති වෙනවා.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 04
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829