News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

මඩකලපුවේ කිඹුල්ලු මුහුද මාරු කරයි.

1762 Views


මඩකලපුවේ කිඹුල්ලු මුහුද මාරු කරයි.

කිඹුලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉදන් ජීවත් වෙන සතෙක්. හැබැයි ඉතිං අපි දන්නෙ කාලේ ඉදන්න කිඹුලා ජීවත් වුණේ මිරිදියේ. එ් කියන්නේ ගංඟා වල, අැළ දොළ වල, කලපුවල. හැබැයි අපේ අම්මා මුත්තා කාලෙවත් අැහුවේ නැති දෙයක් වෙලා.

එ් කිඹුල්ලු මුහුදට අැවිල්ලා. කාන්තාන්කුඩි මුහුදට තමයි මේ විදියට කිඹුල්ලු අැවිත් තියෙන්නේ. මේ නිසා ප්‍රදේශවාසීන් සහ ධීවරයෝ ලොකු අකරතැබ්බයකට ලක් වෙලා. මුහුද එක්ක ජීවත් වුණ මිනිස්සුන්ට රස්සාවටවත් මුහුදට යන්න විදියක් නෑලු.

මඩකලපුව කලපුවේ හිටිය කිඹුල්ලු තමයි මේ විදියට මුහුදට අැවිත් තියෙන්නේ. මඩකලපුවට අැදහැලුන වැස්ස නිසා ගංවතුර පාලනය කරන්න මෝයකට ලොකු කරලා. එ් නිසා කලපුවේ හිටිය කිඹුල්ලු මුහුදට අැවිත් කියලා තමයි කියන්නේ.

කලපුවට වඩා මුහුද හොදයි කියලා කිඹුල්ලු ටික මුහුදෙම නවතීද දන්නෙ නෑ. එහෙම නැත්තම් පීනගෙන ඕස්ට්‍රේලියාවට වුනත් යන්න බැරි කමක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post