News Line| Off Air
Generic placeholder image

Dec
5

“මරණය අපිට අදාල නෑ. මම අමරණීය වෙන්න උත්සාහ කරනවා.” – සංඛ දිනෙත් කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න.

2802 Views


“මරණය අපිට අදාල නෑ. මම අමරණීය වෙන්න උත්සාහ කරනවා.” – සංඛ දිනෙත් කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න.

ලංකාවේ කළාකරුවන් ගැන ගොඩක් අය කතා කරන්න පටන්ගන්නේ ඔහු හෝ ඇය ජීවිතෙන් සමුගත්තට පස්සේ. කවුරු මොනවා කිව්වත් ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි කවුරුත් කතා නොකරන මේ ඇත්ත ගැන ඔබ ආදරය කරන කලාකරුවෙක් Facebook එකේ බොහොම සංවේදී සටහනකින් කිවුවා. ඔහු තමයි සංඛ දිනෙත්. සංඛ මේ කියල තියෙන කතාව අනිවාර්යයෙන්ම ඔබත් දකින්න ඕන කියලා අපිට හිතුනා.

මේ තියෙන්නේ සංඛ කියපු ඒ සම්පුර්ණ කතාව.

“⁣ලාංකීය කලාකරැවන් ගැන බොහෝ දෙනා සාකච්ඡා කරන්නේ, අගයන්නේ ඔවුන් මියැදුනු පසුවයි. ජෝතිපාලයන්ගේ සිට ප්‍රින්ස් උදය ප්‍රියන්ත දක්වා එය අතිශය අදාලයි.

මම අදට ලංකාවෙ කලාකරැවෙක් විදිහට ගෙවන්නේ 10 වැනි වසරයි. ⁣මේ අවුරැදු 10 තුල මට ලැබුනු දේවල් මිල කල නොහැකි තරම්ය.

නමුත් මට ලැබුනු අමිල තිලිනය ලාංකිකයින්ගේ ආදරය සහ ගෞරවයයි.

අපි කවුරැත් මේ ලෝකෙට ඉපදෙන්නෙ “මරණය “ කියන සදාතනික සත්‍යයට සාක්ෂි දැරීමටය.පුරවෟතයන්ටත් අදාල වූ එය මටද කොයි මොහොතක හෝ අදාල වනු ඇත.

මම ඔබෙන් ඉල්ලා සිටින්නේ එක් දෙයකි.

ඔබ යම් කිසි කලාකරැවෙක් අගයන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ නිර්මානවලට හදවතින්ම ආදරෙයි නම් 
ඔහු හෝ ඇය හුස්ම ගන්න කාලය තුල ඔවුන්ට එය දැනෙන්න දෙන්න. 
එවිට ඔවුන් නැවත නැවතත් ඔබ වෙනුවෙන් යාවත්කාලීන වනු ඇත. ජීවත් වනු ඇත.
අමරණීය වනු ඇත.

මරණ මංචක , සෙහොන් කොත්, දුක්ක දෝමනස්සයන්, අනුස්මරන සහ උපහාර ලාංකික දේශපාලකයින්ට මිස ලාංකික කලාකරැවන්ට අදාල නොවනු ඇත.

අවාසන වශයෙන්,

මටද ඔබව දැනෙන්න තව තවත් ඉඩ හරින්න.

මම ලාංකික ඔබ වෙනුවෙන් සදාකල් ජීවත් වීමට උත්සහ දරන බවට දිව්රා පොරොන්දු වෙමි.

සංඛ දිනෙත්

❤️

 


News Articles
Latest Videos
Most Popular Post