News Line| Off Air
Generic placeholder image

Dec
6

නඳුන්ගමුවේ රාජාටත් අනතුරක්.

4921 Views


නඳුන්ගමුවේ රාජාටත් අනතුරක්.

මේ දවස්වල ලංකාවේ අලි අැත්තු ගැන ගොඩක් කතා කරනවා. එ්කට ප්‍රධානම හේතුව තමයි ගල්ගමුවේ දළ පූට්ටුවා. දශක 4 කට වඩා ගල්ගමුව අාශ්‍රිත මහ වනයේ තේජාන්විතව හිටිය දළ පූට්ටුවාව මරලා දැම්මා. එ් නිසා මුළු ලංකාවම කම්පාවට පත්වුණා.

ගල්ගමුවේ දළ පූට්ටුවා වගේම ලෝකය පුරා ගෞරවයට පාත්‍ර වුණ තවත් දළ පූට්ටුවෙක් ඉන්නවා. එ් තමයි නඳුන්ගමුවේ රාජා. දශකයකට වඩා කාලයක් දළඳා වහන්සේ වඩම්මවන්න තරම් වසනාවන්ත අැත් රජෙක්. රටේ මොන අස්සක් මුල්ලක තියෙන පෙරහැරකට වුනත් නඳුන්ගමුවේ රාජා යන්නේ පා ගමනින්. එ් නිසා රාජාට අනතරු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. ජාතික සම්පතක් වුණ නඳුන්ගමුවේ රාජාව අාරක්ෂා කරන්න පොලිස් අාරක්ෂාව ලබා දීලා තියෙනවා.

හැබැයි මේ කියන්න යන්නේ නැඳුන්ගමුවේ රාජාට වුන කරදරයක් ගැන. පහුගිය දවසක රාජා කටාන ප්‍රදේශයේ විහාරයකට ගිහින් තිබ්බා. එතනදි තිබ්බ තණ කොළ කද්දී වීදුරු කටු කැබැල්ලකුත් රාජාට හැපිලා. එ් නිසා අැතාගේ මුඛය තුවාල වෙලා රැධිරය වහනය වෙලා තියෙනවා. කොහොම වුනත් ඉක්මනින්ම අැතාට ප්‍රතිකාර කරලා එතනින් ඉවත් කරගෙන තියෙනවා. නඳුන්ගමුවේ රාජා කියන්නේ මිනිසුන් වැඳුම් පිදුම් පවා කරනා අැත් රජෙක්. ඉතිං අැත් රජුට තවත් චිරාත් කාලයක් දළඳා කරඩුව වඩම්මවමින් යෙහෙන් වැජබෙන්න පුළුවන් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

https://youtu.be/TDMN85S9KiY


News Articles
Latest Videos
Most Popular Post