News Line| Off Air
Generic placeholder image

Dec
7

අඟහරු ග්‍රහයා මත කාලතුවක්කු උණ්ඩයක්. මහා රාවණාට අයිති එකක් දැයි සැකයක්? – VIDEO සහිතයි.

2086 Views


අඟහරු ග්‍රහයා මත කාලතුවක්කු උණ්ඩයක්. මහා රාවණාට අයිති එකක් දැයි සැකයක්? – VIDEO සහිතයි.

පෘථිවියේ අසල්වැසියා තමයි අඟහරු. එ් නිසාම මේ වෙද්ධදී අඟහරු ගැන හොයන්න ගොඩක් තාරකා විද්‍යාඥයින් උනන්දුවක් දක්වනවා. අඟහරු ලොවේ පිටසක්වල ජීවීන් ඉන්නවා කියන එක ජනප්‍රිය මාතෘකාවක්. එ් නිසා නාසා අායතනය පවා අඟහරු ගවේශණය කරන්න විශේෂ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. රෝවර් යානය කියන්නේ එ් වගේ ප්‍රධාන ව්‍යාපෘතියක්.

රෝවර් යානයෙන් අඟහරු ගවේශණය කරන ගමන් ඡායාරූප පෘථිවියට එවනවා. එ් එන ඡායාරූප නිසා අඟහරු වල පිටසක්වල ජීවීන් ඉන්වාද කියන සැකය තවත් මතු වෙනවා. එ් විදියට රෝවර් යානය එවපු ඡායාරූපයක් මේ දවස්වල ලොකු අාන්දෝලනයක් අැති කරලා තියෙනවා. එ් තමයි කාලතුවක්කු උණ්ඩයක පිංතූරයක්.

මේ ගෝලාකාර තුවක්කු උණ්ඩය වෙනත් ග්‍රහලෝකයකින් එල්ල කරපු එකක් කියලා සමහරු මත පල කරනවා. මේ වස්තුව ගෝලාකාර පාෂාණයක් කියලත් තවත් සමහරු මත පල කරනවා.

ලංකාවේ ඉතිහාසයේ සඳහන් වෙන විදියට මහා රාවණා රජතුමා අඟහරු වල යුධ අවි සවි කරලා තියෙනවා. එ් අායුධ වලිට මුළු සෞරග්‍රහ මණ්ඩලයටම ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කියලයි සමහරු කියන්නේ. එ වගේම රාම රාවණා යුද්ධයේදීත් මේ අවි ප්‍රයෝජනයට ගත්තා කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එ් නිසා ලංකාවේ අපිටත් මේ ඡායාරූපය ලේසියෙන් අමතක කරන්න බෑ. මොකද ලෝකයේ විශිෂ්ඨම ශිෂ්ඨාචාරය හෙළි කර ගන්න පුළුවන් හොදම අවස්ථාව මේක වෙන්නත් පුළුවන්.

https://youtu.be/AKRGnN3A9A4


News Articles
Latest Videos
Most Popular Post