අවසන් වුන ශ්‍රී ලංකා, ඉන්දියා ටෙස්ට් තරඟාවලියෙන් පස්සේ ICC ය නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. ඉන්දියාව සමඟ ටෙස්ට් තරඟාවලියේ දක්වපු දක්ෂතා නිසා ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ටම ඉහළට එන්න අවස්ථාව ලැබිලා තියෙන්න ඕන. එ් වගේම කාලෙකට පස්සේ ICC ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි 10 දෙනා අතරට එන්න ලංකාවේ ක්‍රීඩකයෙක්ට පුළුවන් වෙලා තියෙනවා.
තරඟාවලිය පුරාම විශිෂ්ඨ නායකත්වයන් වගේම පිත්තෙන් දස්කම් පෙන්නපු චන්දිමාල්ට තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණියේ 9 වෙනි තැන දක්වා චන්දිමාල්ව උසස් කරන්න ICC ය තීරණය කරලා තියෙනවා. තරඟාවලියට කලින් චන්දිමාල් හිටියේ 20 නව ස්ථානයේ. එ් වගේම ඉන්දීය පිතිකරු කෝලිත් 6 වෙනි තැන ඉදලා 2 තැන දක්වා ඉහළට අැවිත් තියෙනවා. 17 වන ස්ථානයේ හිටිය දිමුත් නම් 24 දක්වා පහළට බැහැලා තියෙනවා. දක්වැල්ලත් 41 එක දක්වා ස්ථානයක් පහළට බැහැලා තියෙනවා. අවසන් තරඟයේදී ලංකාවේ ගෞරවය රැක ගත්ත ධනංජය ද සිල්වා ස්ථාන 10 කින් ඉහළට අැවිත් තියෙනවා. ඔහු දැන් ඉන්නේ 48 වෙනි ස්ථානයේ. දිල්රුවන් පෙරේරාත් 79 ඉදලා 86 දක්වා පහළට වැටිලා තියෙනවා.
ICC ටෙස්ට් පන්දු යවන්නන් වර්ගීකරණයේ තාමත් 5 වෙනි තැන රැදී ඉන්න හේරත්ට පුළුවන් වෙලා තියෙනවා. 25 වන තැන හිටිය ඩිල්රුවන් 27 දක්වා පහළට අැවිත් තියෙනවා. එ් වුනත් සුරංග ලක්මාල්ට නම් එක ස්ථානයක් උඩට එන්න පුළුවන් වෙලා තියෙනවා. ලක්මාල් දැන් ඉන්නේ 32 වෙනි තැන. ලක්ෂාන් සඳකැන් ස්ථාන 13 කින් ඉහළට ගන්න ICC ය කටයුතු කරලා තියෙනවා. සඳකැන් දැන් ඉන්නේ 56 වන තැන. මීට කලින් ICC පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ නොහිටිය දසුන් ශානක 70 වන තැන දක්වා අැවිත් තියෙනවා. එ් වගේම ළහිරු ගමගේටත් 94 ඉදලා 76 දක්වා ඉහළට එන්න පුළුවන් වෙලා තියෙනවා.
ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ 9 වෙනි තැන හිටිය ඩිල්රුවන්ට ස්ථාන 2 ක් පහළට බහින්න වෙලා තියෙනවා. දැන් ඩිල්රුවන් ඉන්නේ 11 වෙනි තැන. එ් නිසා කලින් 10 වෙනි තැන හිටිය හේරත්ට 9 දක්වා ඉහළට යන්න පුළුවන් වෙලා තියෙනවා.
ගොඩක් කාලෙකට පස්සේ තමයි ලංකාවේ ක්‍රීඩකයින් ICC ශ්‍රේණිගත කිරීම් වල කැපී පෙනෙන ස්ථාන ලබා ගෙන තියෙන්නේ. විශේෂයෙන්ම චන්දිමාල් 9 වෙනි තැන දක්වා අාපු එක අනිත් ක්‍රීඩකයන්ටත් හොඳ අාදර්ශයක්. ඉස්සර වගේම ලංකාවේ ක්‍රීඩකයන් සේරම ICC ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඉන්නවා දකින එක තමයි ලංකාවේ හැමෝගෙම බලාපොරොත්තුව.