News Line| Off Air
Generic placeholder image

Dec
8

තවත් දළ අැතෙක් අතුරුදහන්. පරිසර සංවිධාන චෝදනා කරයි.

1496 Views


තවත් දළ අැතෙක් අතුරුදහන්. පරිසර සංවිධාන චෝදනා කරයි.

ලංකාවේ අලි අැතුන්ට නම් මේ ලබලා තියෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. අවුරුදු 44 ක් ගල්ගමුව වනාන්තරය හැඩ කරමින් ජීවත් වුණ දළ පූට්ටුවා මරලා දැම්මා. ඊට දවස් කිහිපයකට පසුව තවත් අැතෙක් වැව් තාවුල්ලක මරලා දාලා තිබ්බා. මින්නේරිය ජාතික වනෝද්‍යානය කියන්නේ අලි අැතුන්ගේ තෝතැන්නක්. මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය රක්ෂිතවල සැරිසැරුව තවත් දළ අැතෙක් අතුරුදහන් වෙලා කියලා පරිසරවේදීන් කියනවා. කතිර දළ අැතා කියලා තමයි ගොඩක් අය මේ අැතාව දන්නේ. එ්කට හේතුව අැතාගේ දළ යුගල එකිනෙක හා වෙලා තියෙන එක. “මහසෙන්” කියලත් මේ කතිර දළ අැතාව හඳුන්වනවා.

මහසෙන් අැතාගේ උස අඩි 12 ක් විතර අැති. දළ දෙක අඩි 6 ක් විතර දිගයි. පරිසරවේදීන් කියන විදියට මීට මාස 8 කට කලින් තමයි මේ අැතාව අන්තිමටම දැකලා තියෙන්නේ. එ් මින්නේරිය ජාතික වනෝද්‍යානයයේදී. මීට කලිනුත් කතිර දළ අැතාට දඩයක්කරුවන් වෙඩි තියලා තිබ්බා. එ් නිසා ගිරිතලේ පශු වෛද්‍ය එ්කකයේ නිලධාරීන් මේ අැතාට ප්‍රතිකාරත් කරලා තියෙනවා. මේ අැතා මින්නේරිය, මාදුරුඔය, කවුඩුල්ල, සෝමාවතිය යන වනෝද්‍යානවල තමයි සාමාන්‍යයෙන් කරක් ගහන්නේ. හැබැයි මාස 8 කින් මේ එක වනෝද්‍යානයකවත් මහසෙන් අැතා දැකලා නෑ.

මේ ගැන වනජීවී දෙපාර්තුමේන්කුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කිව්වේ මෙහෙම කතාවක්. “මහසෙන් මින්නේරියට එන්නේ හැම අවුරුද්දේම අප්‍රේල් මාසේ. මාස 8 ක් විතර එයා පේන්න හිටියේ නෑ. මහසෙන් කියන්නේ මින්නේරියේ ඉන්න අැතෙක් නෙවෙයි. අප්‍රේල් වල මින්නේරියට අැවිත් මාස 2 ක් විතර ඉඳලා අායෙත් යනවා. කවුඩුල්ල, සෝමාවතිය, මාදුරුඔය රක්ෂිත වල මහසෙන් අැවිදිනවා. අන්තිමට මේ පාර අව වෙලාවෙත් එයාට බෙහෙත් විද්දා. ලොකු කැලයක එකපාරට අැතෙක් හොයන්න බෑ.” හැබැයි ඉතිං එහෙම කියලා අැතා ළඟට එනකන් හිටියොත් නම් අැතාගේ දළ දෙක විතරක් හම්බෙන්න බැරි කමක් නෑ. පහුගිය දවස්වල මාධ්‍ය සාකච්ඡා වලදී දැක්කේ වනජීවී එකේ අයට ලංකාවේ අලි අැතුන් ගැන හරි අවබෝධයන් නෑ කියලා. කාලෙකට අැතා කොහේට හරි එන කම් ඉන්නේ නැතුව තාක්ෂණය යොදාගෙන දිනපතා අැතා ඉන්නේ කොහෙද කියලා බැලුවා නම් තමා හොද. නැත්තම් අපේ රටේ ඉතිරි වෙන්නේ පෙරහැරේ යන අලි විතරයි.


News Articles
Latest Videos
Most Popular Post