News Line| Off Air
Generic placeholder image

Dec
8

වත්කම් හෙළි නොකළ වාස්ට රුපියල් 1,000 ක දඩයක්.

459 Views


වත්කම් හෙළි නොකළ වාස්ට රුපියල් 1,000 ක දඩයක්.

ලංකාවේ තියන නීතියක් තමයි මැතිවරණයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි කරන්න ඕන. ජනතාවගේ යහපතට හදපු නීතියක් වුනත් ජනතාවගේ ඡන්දෙන්ම එන අය සතේකට එ් නීතිය ගණන් ගන්නා බවක් පේන්න නෑ. අවුරුදු ගණනක් තමන්ගේ වත්කම් බැරකම් හෙළි නොකරපු හිටපු මන්ත්‍රී කෙනෙක්ට දඬුවම් පැමිණුවා.

සජින් ද වාස් ගුණවර්ධන මහතාට තමයි මේ විදියට දඩුවම් කරේ. හැබැයි 2011 මාර්තු 11 ඉඳන් 2012 මාර්තු 31 වෙනකන් කාලයේ වත්කම් හෙළි නොකරාට ඔහුට නියම වුනේ රුපියල් 1,000 ක දඩයක් විතරයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි අාටිගල මහත්මිය තමයි මේ දඬුවම නියම කලේ.

කොහොම වුනත් පහුගිය කාලයේ සුළු වැරදි වලට පවා අහුවුන සාමාන්‍ය ජනතාවට ලොකු දඩුවම් ලැබුණා. එක සැරයක් බඩගින්නට අඹ ගෙඩි 3 ක් කඩපු අම්මා කෙනෙක්ට රැයක්ම පොලීසියේ ඉන්න වුණා. එ් වගේම රුපියල් ලක්ෂයක අැප ගෙවන්නත් වුණා. එ් නිසා සජින් වාස්ට ලබා දීපු දඬුවම ගැන ජනතාව ඉන්නේ එච්චර කැමැත්තෙන් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට එක විදියකටත් ලොකු ලොක්කොන්ට තව විදියකටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ අැයි කියලයි ජනතාව අහන්නේ.


News Articles
Latest Videos
Most Popular Post