අනතර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ ඇමරිකානු නසා ආයතනයෙන් අපේ ලෝකෙන් එළියේ ඉඳන් පෘතුවියත් එක්ක ගණුදෙණු කරන තැන. ඉතින් පහුගිය දවසක අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩවුනු රුසියානු ගගණගාමීන් පිරිසකට අමුතු දෙයක් හමුවුනා. ඒ කියන්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිටත තැන්පත්ව හිටිය බැක්ටීරියා විශේෂයක්.
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශයට මුදා හරින වෙලාවෙ මේ විදිහේ ජීවින් එකේ සිටියේ නෑ කියල ඔවුන් තහවුරු කරනවා. මේ වෙද්දී ඒ බැක්ටීරියා විශේෂය පෘථිවියට ගෙනත් පර්යේෂණ කරනවා. මේ බැක්ටීරියාවන් ඇත්තටම පිටසක්වලට සම්බන්ධයිද කියල හොයන්න දැන් පර්යේෂණ කරනවා.
මීට කලින් අවස්ථාවකත් මේ විදිහේ බැක්ටීරියා විශේෂයක් හොයාගෙන තිබුණා. එත් ඒවා පෘථිවියේ සම්භවයක් තියෙන බැක්ටීරියා විශේෂයක් බව පස්සේ හොයාගත්තා. ඒ විදිහට හමුවෙලා තිබුනේ අප‍්‍රිකාවේ මැඩගස්කර් දූපතේ ඉන්න ජීවීන් විශේෂයක්. ඔවුන් අයනෝස්පියර් ලිෆ්ට් ක‍්‍රියාවලිය මඟින් තමයි අභ්‍යවකාශයට ගිහිං තියෙන්නේ. ඒ බැක්ටීරියාව මුලින් දැක්ක වෙලාවේ විද්‍යාඥයින්ට පුදුම හිතුනා. මොකද පෘථිවියේ ඉන්න බැක්ටීරියාවකට අභ්‍යවකාශයේ මේ තරම් කාලයක් සජීවීව සිටීමට පුලූවන් කියලා මීට කලින් කවුරුත් දැනගෙන හිටියෙ නෑ. එත් මේ පාර අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙදී හමුවුන ජීවින්ට පෘථිවියේ සම්භවයක් නැති බව රුසියානු ගගණගාමීන් කියනවා.
