සීතල දෙසැම්බරය කියන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට හිම වැටෙන්න පටන් ගන්න කාලයක්. ලංකාවෙත් නුවර එළිය වගේ පළාත් වලට නම් මල් තුහින වැටෙනව. එත් අපි මේ කියන්න යන්නේ කොළඹටත් හිම වැටෙන්න පටන්ගත්ත කතාවක් ගැන.
ඔබ කොළඹ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් බලයි “කෝ මම ඉන්න පැත්තට හිම වැටුනේ නැහැනේ” කියලා. එත් ඔබ නොදන්නවා ඇති දැන් අවුරුදු 15 ක් තිස්සෙම, කොළඹ ඉබ්බන්වල ප්‍රදේශයට මේ විදිහට හිම වැටෙනවා කියලා. හරි… ඔබට තවත් කුතුහලය දෙන්නේ නෑ අපි. හරියටම සිද්ධිය කියන්නම්කො. ඔබ දන්නව ඇති Excel World එක. අන්න එහෙ තමයි මේ විදිහට දැන් අවුරුදු 15 ක් තිස්සෙ හිම වැටෙන්නේ. හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ මේ වැඩේ Excel World එකේ තියෙනවා.
ඉතින් Excel World එකේ තියෙන Snow World උත්සවය මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ 15 වෙනි පාරට. ඒ ගැන මාධ්‍ය හමුවක් ඊයේ හවස Excel World පරිශ්‍රයේ තිබුනා. මේ සැරේ Snow World උත්සවයට මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ Voice Of Asia මාධ්‍යජාලය. අපි ඔබට ආරාධනා කරනවා අද ඉඳන් 2018 ජනවාරි පළවෙනිදා වෙනකන් Excel World පරිශ්‍රයට ඇවිත් මේ හිම අත්දැකීම විඳගන්න කියලා. මොකද මෙතන තමයි ලංකාවේ හිම වැටෙන අත්දැකීම ඔබට විඳගන්න පුළුවන් එකම තැන.
මේ තියෙන්නේ ඊයේ Snow World එකේ සමාරම්භය සිද්ධ වුන හැටි.