News Line| Off Air
Generic placeholder image

Dec
9

ඇන්දම පේන්නැති සළුවක් කඩේ.

637 Views


ඇන්දම පේන්නැති සළුවක් කඩේ.

අපි ජීවත් වන්නේ හැම කෙනෙක් ලඟම Smart Phone තියෙන ලෝකයක. කැමති ඕනම දෙයක් ඕනම වෙලාවක Photo ගන්න පුළුවන්. එත් මේකට හැමෝම කැමති නෑ. විශේෂයෙන් තමන්ගේ Photo ගන්න ගන්නවට අකමැති ප්‍රසිද්ධ අය. ඉතින් ඒ වගේ අයට වැදගත් වෙන සළුවක් ගැන තමයි මේ. ISHU SCARF කියල හඳුන්වන මේ සළුවෙන් සැබෑ ජීවිතය තුල ඔබට නොපෙනී ඉන්න පුලුවන්. එත් ඒ ෆ්ලෑෂ් ඡායාරුප වලින් විතරයි.

මේ අධි තාක්ෂණික සළුව නිර්මාණය කරලා තියෙන්නේ Saif Siddiqui කියල කෙනක්. ආලෝකය පරාවර්තනය කරලා අපහු කැමරාවට පහරවා යවන්න පුළුවන් වෙන විදිහට මේ සළුවෙ ගෝලාකාර නැනෝ ස්පෙරිකල් ක‍්‍රිස්ටල්ස් මිලියන ගණනක් තියෙනවා. ඉතින් ඒ නිසා රෑට හරි දවල්ට ෆ්ලෑෂ් ආලෝකය එක්ක ගන්න Photo සහ Video වල එය පැලඳගෙන ඉන්නා පුද්ගලයාව පේන්නෙ නෑ. මේ සළුවට ඇමරිකානු ඩොලර් 263 – 1000ක් දක්වා මුදලක් නියම කරලා තියෙනවා. කැමති වර්ණයකින් විලාසිතා කීපයකින් මිලදී ගන්න පුලුවන්. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්නත් පුලුවන්.


News Articles
Latest Videos
Most Popular Post