අලිගැටපේර කියන්නේ හැමෝම වගේම කන්න කැමති පළතුරක්. ඒ වගේම රසවත් පානයක් විදිහටත් අලිගැටපේර පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ දැනට හොයාගෙන තියෙන ලොකුම අලිගැටපේර ගෙඩිය ගැන.
හවායි දූපතේ කාන්තාවක විසින් තමයි ලෝකේ විශාලතම අලිගැටපේර ගෙඩිය සොයා ගෙන තියෙන්නේ. ඇයගේ නම පමෙලා වැන්ග්. ය ඉන්නේ හවායි දූපත් සමූහයට අයත් කීලකෙතුවා ප්‍රදේශයේ. ඉතින් ඇය හොයාගෙන තියෙන අලිගැටපේර ගෙඩියේ බර රාත්තල් 5.2 ක් හෙවත් කිලෝග්‍රෑම් 2.35 ක්
පමෙලගේ ගෙදර තියෙන පාරේ කොනකම තිබුන අවුරුදු 40 ක් විතර පරණ අලිගැටපේර ගහක තමයි මේක තිබුනේ. මේ අලිගැටපේර ගෙඩිය ඇයගේ හිසටත් වඩා ප්‍රමාණයෙන් විශාලයි.
මිට කලින් පමෙලා වැන්ග් විසින් 2009 අවුරුද්දෙදිත් රාත්තල් 4.8 ක් බරැති අලිගැටපේර ගෙඩියක් හොයාගෙන තියෙනවා. ඒ ලොව විශාලතම අලිගැටපේරගෙඩිය ලෙස සඳහන් කරමින්. ඒ වගේම ගිනස් වාර්තා පොතට ඇය මේ ගැන අයදුම්පතකුත් ඉදිරිපත් කරල තියෙනවා.