අද 2017 දෙසැම්බර් මාසයේ 10 ඉරිදා
රාහු කාලය පෙ.ව 04.27 සිට 05.55
සුභ දිශාව දකුණ
මරු සිටින දිශාව උතුර

අද ඔබගේ බලාපොරොත්තු යම් තරමකින් සාර්ථක කර ගැනීමට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හේතු වෙනවා. කායික වශයෙන් ශක්තිමත් වීමට සතුටින් දවස ගත කිරීමටත් හේතුවන අතර අසරණ අයට පිහිට වන අතර ආගන්තුක සත්කාර කිරීමට ආශාවක් ඇතිවන දවසක්. අධ්‍යාපනය ලබන විභාග වලට පෙනී සිටින දරුවන්ට යහපත්. දේපල පිළබදව ගණුදෙනු කිරීමෙන් වැලකි සිටින්න. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 07

රැකියා ව්‍යාපාර කටයුතු වල ගැටළු ඇතිවිය හැකියි. ඔබගේ බලය ශක්තිය ඉස්මතු කිරීමට හේතු වෙනවා. සහෝදරයන් සමග මත ගැටුම් ඇති නොවීමට වග බලා ගන්න. සමාජයේ ප්‍රශංසාවට ලක් වෙනවා. අඹු සැමියන් දුර දර්ශිව කටයුතු කල යුතුයි. ඉක්මන් කේන්තිය ආවේගශීලි බව නිසා ඇතිවිය හැකි අනතුරු ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වෙන්න. අභියෝග ජය ගැනීමට ඔබට හැකි වෙනවා.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 08

විදේශ ගත වීමට බලාපොරොත්තු වන අයට යහපත් වෙනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා. ඔබට නීති ගැටළු නඩුහබ ඇත්නම් ඒවායින් සහනයක් ලැබෙනවා. ආර්ථිකය ශක්තිමත් වීමට බලාපොරොත්තු වූ ලාභ ප්‍රයෝජන ලැබීමට හේතු වෙනවා. අතරමග නැවතී තිබු වැඩ කටයුතු යලි ආරම්භ කිරීමට හැකි වෙනවා. දුර දක්නා නුවණින් කටයුතු කරන්න.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05

ජලයෙන් පිඩා ඇති වීමට ඉඩ තියෙනවා. දරුවන් පිලිබදව සැලකිලිමත් වන්න. මනා සංයමයකින් කටයුතු කර සතුට සැනසීම උදා කර ගන්න.
ජය වර්ණය නිල් පැහැය ජය අංකය 09

ගණුදෙනු වලදී ඔබගේ හොද නම අවංකභාවය අන් අයට පෙන්වීමට හැකි දවසක්. කතාවේදී ආවේගශීලි බව අන් අය විවේචනය කිරීමට උත්සහ ගැනීම සුදුසු නොවේ. ආගන්තුක සත්කාර වලට මුදල් වැය වන දවසක්. අවනම්බුවක් අගෞරවයක් ඇති කිරීමට හේතුවන බැවින් සමාජ ඇසුරේදී ආරක්ෂා වන්න. පපුවේ වේදනාවක් උණ රෝගයක් ඇති වුවහොත් නොපමාව වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 03

ඔබගේ ශරීර සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වීමට වැය පක්ෂය පාලනය කර ගැනීමට උනන්දු විය යුතු දවසක්. ඔබට ලැබිය යුතු මිල මුදල් අප්‍රමාදව ලැබෙන අතරම ඒවා වියදම් වෙනවා. සිතට කයට සැනසිලිදායක තත්වයක් ඇති වෙනවා. බොහෝ දෙනා අතර ඔබ නායකයෙක් ප්‍රධානියෙක් වන අයුරින් ක්‍රියා කරන දවසක්. දෙමාපියන්ට කළගුණ සලකන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 04

ඔබගේ කුසලතා පෙන්වීමට ගරු බුහුමන් ලැබීමට හේතු වන අතර දු දරුවන්ගේ අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය ගත කිරීමටද හේතු වෙනවා. ඔබගේ වටිනාකම අගය අන් අයට පෙනෙන දවසක්. ඔබගේ තරාතිරම අනුව කලකිරීම් වලට සිත් තැවුල් වලට මග පෑදෙනවා. මිතුරන්ගේ ඇසුරෙන් සැනසීමෙන් සිටීමට ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි. වාත අමාරු නහරගත ආබාධ ආදියෙන් පිඩා ඇතිවිය හැකි බැවින් යහපත් ඇවතුම් පැවතුම් සමග ශරීර සනීපය ආරක්ෂා කරගන්න.
ජය වර්ණය නිල් පැහැය ජය අංකය 05

ඔබ ආරම්භ කල වැඩ කටයුතු සාර්ථක වීම ගණුදෙනු වලින් ලාභ ප්‍රයෝජන ලැබීම වාසනාව උදා වෙලා පවතිනවා. චිත්ත පිඩා ඇතිවිය හැකියි. ධාර්මික ලාභ ලැබීමට සිතේ සතුට ලැබීමට අවස්ථාව උදා කර දේවි. ගමන් බිමන් වලදී අනතුරු සිදු නොවීමට වගබලා ගන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. අධ්‍යාපනය ලබන දරුවන්ට සුභයි. ඔබගේ කැපවීම උනන්දුව තැනට සුදුසු නුවණ තෙරුවන් සරණ යාම දවස වාසනාවන්ත වීමට හේතු වෙනවා.
ජය වර්ණය තැඹිලි පැහැය ජය අංකය 05

සිතට සහනයක් ඇති වීමටත් තමන් පිලිබදව අන් අයගේ සිත පැහැදීමක් ඇති වීමටත් හේතු වෙනවා. ඔබ වගකීම් හරි හැටි ඉටු කරන අයෙකු නිසා ඔබ කරන කටයුතු පිලිබදව ගුණ වැනුමක්ද ඇති වෙනවා. මෑණියන්ගේ ඇප උපකාර ලැබීමට අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ඔබ සමත් වෙනවා.
ජය වර්ණය රන්වන්පැහැය ජය අංකය 09

ගරු සැලකිලි ලැබෙනවා. රජයේ රැකියාවල නියුතු අයට කලින් නොතිබූ තෘප්තියක් ලැබීමටත් ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂ ලාභ ප්‍රයෝජනයක් ලැබීමටත් අවකාශ ලැබෙනවා. ප්‍රමාදව තිබු බලාපොරොත්තු ඉටු වෙනවා. අඹු සැමියන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩ නොතබා ප්‍රඥාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. ආහාර නොදිරවිමේ රෝග දණහිස් අමාරු තුනටිය අමාරු වලින් ආරක්ෂා විය යුතුයි.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 01

ගෙදරදොර කටයුතු සපුරා ගැනීමටත් පවුලේ සමගියටත් හේතු වෙනවා. මෙතෙක් පැවති බාධක දුරස් වෙනවා. අඹු දරුවන් අතර ඔබට තිබු පිළිගැනීම වර්ධනය වීමටත් හේතු වෙනවා. මංගල යෝග සහිත දිනයක්. ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් විමටත් ඔබගේ වැඩ කටයුතු වල සාර්ථකභාවයට පත් විමටත් හේතු වෙනවා. අලුත් දෙයක් කිරීමට සිත පහල වෙනවා. පීරිස් බලයක් ඔබට ඇති වෙනවා.
ජය වර්ණය නිල්පැහැය ජය අංකය 05

යම් තරමකින් ආදායම වර්ධනය වුවත් ඒවා වියදම් වෙනවා. ඔබ කරගෙන ආ වැඩ පිළිවෙල පිළිබද යම් වෙනසක් පරිවර්තනයක් වීමට හේතුවන අතර අඹු සැමි සබදතා පිලිබදව බාධක ඇති වෙනවා. කරන දේ හරියට කරන්න. අස්ථාන චෝදනා වලින් පසුබට නොවන්න. ඔබට විශාල බලයක් ශක්තියක් ඇති වෙන දිනයක්. දැනුම තුලින් කිසියම් ගෞරවයක් කීර්තියක් ලැබිය හැකියි. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 03
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර
දුරකථන අංකය: 0777 44 86 44