News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

ජෝති ගී ගැයුවාට නලීන් පෙරේරාගෙන් කෝටියක වන්දියක් ඉල්ලයි.

1238 Views


ජෝති ගී ගැයුවාට නලීන් පෙරේරාගෙන් කෝටියක වන්දියක් ඉල්ලයි.

ජෝතිපාල කියන්නේ අපේ රටේ අමරණීය චරිතයක්. ඔහු මියගියත් ජෝති ගී තාමත් අපිට ඇහෙනවා. හැම ප්‍රසංග වේදිකාවකම වගේ ජෝති ගී අනිවාර්ය අංගයක්. ජෝති නැති නිසා ලංකාවේ බොහො ශිල්පීන් ඒ ගීත ගායනා කරනවා.

මෙහෙම වටපිටාවක් තියෙද්දි අපිට ආරංචි වුනා මේරියන්ස් නායක නලීන් පෙරේරාට නඩුවක් වැටිලා කියලා. ඒ අනවසරයෙන් ජෝති ගී ගැයුවා කියන වරදට. ජෝතිපාල මහත්මයාගේ බිරිඳ සහ දරුවන් තමයි මේ නඩුව ගොනු කරන්නේ. අනවසරයෙන් ජෝති ගී ගැයූ නිසා රුපියල් කෝටියක වන්දියක් ඔවුන් නලීන් පෙරේරාගෙන් ඉල්ලලා තියෙනවා. ඉතිං මේ නඩුව විභාග කිරීම ලබන අවුරුද්දේ 10 වෙනිදා සිද්ධ වෙනවා.

ඒ කොහොම වුනත් මේ පුවත සමාජ ජාල වල පල වීමත් එක්ක නලීන් පෙරේරා ජෝති ගී ගැයීම ගැන බොහෝ දෙනා අදහස් පල කරා.


News Articles
Latest Videos
Most Popular Post