ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය අද අාරම්භ වෙනවා. පළවෙනි එක්දින තරඟය පැවැත්වෙන්නේ ධර්මසාලා ක්‍රීඩාංගනයේදී. අද තරඟයේදී ලංකාව මෙහෙය වන්නේ තිසර පෙරේරා. එ් වගේම ඉන්දියානු කණ්ඩායම භාර වෙලා තියෙන්නේ රෝහිත් ෂර්මාට. කාසියේ වාසිය දිනා ගත්ත තිසර මුලින්ම පන්දුවට පහර දෙන්න ඉන්දියාවට අාරාධනා කරා.
ජාත්‍යන්කර එක්දින තරඟ ඉතිහාසයේ වැඩිම වාර ගණනක් මුණ ගැහුන කණ්ඩායම් දෙක තමයි ලංකාව සහ ඉන්දියාව. ඉන්දියාවේ නිත්‍ය නායක විරාත් කෝලි එක්දින තරඟාවලියට ක්‍රීඩා කරන්නේ නෑ. එ්ක ලංකාවට ලොකු වාසියක්. එ් වගේම ඉන්දියාවේ ප්‍රබලම දඟ පන්දු යවන්නන් දෙන්නා වන අශ්වින් සහ ජඩේජාත් අද තරඟයට සහභාගී වෙන්නේ නෑ. ලංකාව එ් වාසියත් අද ලබා ගත්තොත් තරඟයේ බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමක් අවුරුදු 8 කින් ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිය එක්දින තරඟයක් දිනලා නෑ. එ් නිසා අද තරඟය ලංකාවට ලොඩාක් වැදගත්. ලංකාව අන්තිමටම එක්දින තරඟාවලියකට ඉන්දියාවට ගිහින් තියෙන්නේ 2014 දී. හැබැයි එ් තරඟාවලියත් 5 – 0 විදියට පැරදිලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අන්තිමට සහභාගී වුන එක්දින තරඟ 12 ම පැරදුනා. එ් නිසා තිසරගේ නායකත්වයෙන් කණ්ඩායම අලුත් අාරම්භයක් ලබා ගනීවී කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.
ධර්මසාලා ක්‍රීඩාංගනයේදී මීට කලින් ලංකාව සහ ඉන්දියාව මුණගැහිලා නෑ. ලංකාවේ ප්‍රහාරක පිතිකරුවෙක් වුන අසේල ගුණරත්න අද තරඟයට ක්‍රීඩා කරනවා. තිසර පෙරේරාට එ්ක ලොකු සහනයක් වේවි. කොහොම වුනත් ලංකාව ඊයේ හොදින් පුහුණු වෙනවා දකින්න පුළුවන් වුණා. අපි බලමු තිසරට ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඉරණම වෙනස් කරන්න පුළුවන් වෙයිද කියලා.
මේ තියෙන්නේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් කරපු විදිය.