News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

ඊයේ වැඩ කිඩ පෙන්නපු සුරංග ලක්මාල්, දිල්ලියේ විෂ දුම නිසා ආයෙත් ලෙඩවෙලා.

812 Views


ඊයේ වැඩ කිඩ පෙන්නපු සුරංග ලක්මාල්, දිල්ලියේ විෂ දුම නිසා ආයෙත් ලෙඩවෙලා.

සුරංග ලක්මාල් කියන්නේ මේ දවස්වල ලංකාවේ කාගෙත් වීරයෙක්. එ්කට ප්‍රධානම හේතුව ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණයන්ට මුල්ගල තිබ්බෙ ඔහු එ් ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි එක්දින තරඟයේ කඩුලු 4 ක් දවා ගෙන. නිලකුණු ඕවර් 4 ක් යවපු ලක්මාල් ලකුණු 13 යි ඉන්දියාවට දුන්නේ.

කොහොම වුනත් ලක්මාල් අායෙත් අසනීප වෙලා තියෙනවා. අවසන් ටෙස්ට් තරඟය තිබ්බ දිල්ලි වලදී ලක්මාල් ගොඩක් අසනීප වුනා. එ් දූෂිත වායුව අාග්‍රහණය වෙලා. ඊයේ පැවති තරඟය අතරතුරත් ලක්මාල් කිහිප සැරයක්ම වමනය කරලා තියෙනවා. පන්දු යැව්වාට පස්සේ විවේකාගාරයේදීත් ඔහු වමනය කරලා තියෙනවා.

තරඟයෙන් පස්සේ ලක්මාල් මේ ගැන අදහස් දැක්වුවා. “මම හිතන්නේ දිල්ලිවල තිබ්බ පරිසර තත්වය නිසා තමයි අසනීප වුනේ. මට තාම සුව නෑ. අද උදේ පරීක්ෂණයක් තිබ්බා. එ්කෙදිත් මට තේරුණා 100% ක් හොඳ නෑ කියලා. එ්ත් සියලු දෙනාගේ ඉල්ලීම මත මම කැමැත්තෙන්ම ක්‍රීඩා කලා” කියලයි ලක්මාල් කිව්වේ. සුරංග ලක්මාල්ට ඊයේ තරඟයට ක්‍රීඩා නොකර ඉන්න තිබ්බා. හැබැයි රට ගැන, කණ්ඩායම ගැන හිතලා ඔහු ක්‍රීඩා කලා. එ් නිසා තමයි ලංකාවට සුවිශේෂි ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුනේ. එ් නිසා රටක් විදියට අපි ලක්මාල්ට කොච්චර ස්තූති කරත් මදි.


News Articles
Latest Videos
Most Popular Post