News Line| Off Air
Generic placeholder image

Dec
11

සෙල්ලන්කන්දේ තනි දළයා වස දී මරලා.

1436 Views


සෙල්ලන්කන්දේ තනි දළයා වස දී මරලා.

ලංකාවේ අැත් පරපුරට කාගේ හරි අැස් වහක් වැදිලද මන්දා. අපි එහෙම කිව්වේ මේ ටික දවසට හතරවෙනි අැතාගේ මරණයත් අහන්න සිද්ධ වෙලා තියෙන නිසා. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණය නිසා මුළු ලංකාවම කැළඹුණා. කාටවත් කරදරයක් නැතුව හිටිය සද්ධන්තයා කෘෘර විදිහට මරලා දළ ගලවාගෙන තිබ්බා.

දළ පූට්ටුවාගේ මරණය හොයාගෙන සතියක් යන්න කලින් තවත් දළ අැතෙක් වැව් තාවුල්ලක මරලා දාලා තිබ්බා. ඊට පස්සේ අලගොල්ලෑව ප්‍රදේශයේ වෙල් යායකදී ආදී 9ක් විතර උස දළ ඇතෙක් විදුලි සැර වද්දලා මරලා දාලා තිබ්බා. එ් උණුසුම මැකෙන්නත් කලින් තවත් අැතෙක්ගේ මරණයක් ගැන අාරංචි වුණා. පුත්තලම සෙල්ලන්කන්ද රක්ෂිතයේ තනි දළයා නමින් හඳුන්වපු අැතෙක් තමයි මේ විදියට මැරිලා ඉන්නකොට හම්බෙලා තියෙන්නේ. මේ තනි දළයට උපතින්ම එක දළයක් විතරයි පිහිටලා තියෙන්නේ. දළ පුට්ටුවෝ වගේම තනි දළයොත් ඉතාම දුර්ලබයි.

තනි දළයා පහුගිය කාලයේ කල්අඩිය රජයේ තේක්ක රක්ෂිතයේ සැරිසරලා තියෙනවා. තනි දළයට වයස අවුරුදු 30 කට වැඩී කියලයි වනජීවී එක කියන්නේ. උස අඩි නවයකට කිට්ටු සද්ධන්ත අැතෙක්. ගවයින්ට තණකොළ කවන්න ගිය කිරි ගොවියෙක් තමයි මේ අැතාගේ නිසල සිරුර දැකලා තියෙන්නේ. තනි දළයාගේ සිරුරේ වෙඩි පහර කිහිපයකුත් දකින්න ලැබෙනවාලු. ඊයේ පරීක්ෂණ පවත්වපු වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා නම් කිව්වේ අැතා මැරිලා තියෙන්නේ විසක් ශරීරගත වෙලා කියලා. කැළේ ජීවත් වෙන සත්තුන්ට කැළේ තියෙන වස විස ගැන හොද ඉවක් තියෙනවා. එ් නිසා මේ අැතා එ් වගේ විස දෙයක් කෑවා වෙන්න බෑ. ගොඩක් වෙලාවට මේ අැතාටත් විස යොදපු දෙයක් කන්න සලස්වලා අැති. එ් නිසා මේ ගැනත් විදිමත් පරීක්ෂණයක් කරන්න ඕන. වඳ වීගෙන යන අැත් පරපුර රැක දෙන්න කියලා සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලන් විතරයි දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post