News Line| Off Air
Generic placeholder image

Dec
11

ප්‍රභූවරු, මාධ්‍යවේදීන්, කලාකරුවන් විදියට රඟපාන හොරු කණ්ඩායමක් කොළඹ.

451 Views


ප්‍රභූවරු, මාධ්‍යවේදීන්, කලාකරුවන් විදියට රඟපාන හොරු කණ්ඩායමක් කොළඹ.

අපේ ජනවහරේ කතාවක් තියෙනවානේ හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියලා. එ් කතාව නම් අැත්ත. කලෙන් කාලෙට හොරකම් කරන්න මොකක් හරි අලුත් විදියක් හොරු හොයා ගන්නවා. ඉතිං මේ දවස්වල හොරු කණ්ඩායමක් අලුත් විදියට හොරකමට බැහැලා ඉන්නවා.

එ් තමයි මාධ්‍යවේදින්, කලාකරුවන්, වෛද්‍යවරු, ප්‍රභූවරු විදියට රාජ්‍ය හා රාජ්‍ය නොවන උත්සව වලට, සම්මන්ත්‍රණ වලට යන එක. ඉතාම සූක්ෂම විදියට යන මේ හොරු ටික එ්වායේ තියෙන විවිධ භාණ්ඩ, පොත්පත් අාදිය හොරා ගන්නවා. මේ කණ්ඩායම දිනපතා කොළඹ මහජන පුස්තකාලයේදී හම්බෙලා කණ්ඩායම් විදියට විවිධ උත්සව වලට බෙදිලා යනවලු. 20 ත් 25 අතර කණ්ඩායමක් තමයි මේ විදියට අලුත් ක්‍රමේට හොරකමේ යනවා කියන්නේ. මේ කණ්ඩායමේ කාන්තාවන්, විශ්‍රාම ගිය පුද්ගලයින්, රෑට මුර සේවයේ යෙදිලා දවල්ට නිකරුනේ ඉන්න අය, මත්ද්‍රව්‍ය වලට අැබ්බැහි වුන අය වගේම ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධ අයත් ඉන්නවාලු.

සමහර සුපිරි සම්මන්ත්‍රණ වලට ටයි කොට් පවා පැළඳගෙන යනවලු මේ අය. පහුගිය දවසක සම්මන්ත්‍රණයකදී මාධ්‍යවේදිනියකගේ අත්බෑග් එක සහ පොත් පාර්සලයක් පැහැරගෙන ගිහින් තියෙනවා. මේ ගැන මරදාන පොලීසියටත් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. අලුත්ම තාලයේ හොරු කණ්ඩායම අල්ලා ගන්න කොළඹ මහජන පුස්තකාලයේ අාරක්ෂක අංශ සහ පොලීසිය ඔබේ සහය පතනවා. ඔබ සහභාගී වුන සම්මන්ත්‍රණයක, උත්සවයක සැකකටයුකු කෙනෙක් හිටියොත් අාරක්ෂක අංශ වලට ඉක්මනින්ම දැනුම් දෙන්න.

 


News Articles
Latest Videos
Most Popular Post