දත් කියන්නේ අාහාර සපා කන සතුන්ට අවශ්‍යම දෙයක්. එ් වගේම සමහර උරගයින්ට, මාලුන්ටත් දත් තියෙනවා. මේ සමහර දත් වලට ලෝකයේ ඉහළම මිලක් ලැබෙනවා. දැන් ඉතිං ඔබේ දත් ගලවලා විකුණන් හදන්න එපා. මොකද මිනිස්සුන්ගේ දත් වලට එහෙම මිලක් ලැබෙන්නේ නෑ. එ් නිසා තියෙන දත් ටික අාරක්ෂාකරන් මේක කියවලා බලන්න. මේ තියෙන්නේ ලෝකයේ වටිනාම දත් 7.
අැත් දළ තමයි ලෝකයේ වැඩිම මිලකට අලෙවි වෙන දත් වර්ගය. අැත් දළ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 20 ඉදලා මීටර් 2.5 දක්වා දිගකින් වාර්තා වෙනවා. ඊට වඩා දිග දළ කියෙන අැතුන් ලංකාවේ ඉන්නවා කියලත් අමතක කරන්න එපා. අැත් දළ 70% ක් අකාබනික ද්‍රව්‍යන්ගෙන් සහ 30% ක් සත්ව පටකවල ප්‍රෝටීන වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. විවිධ විසිතුරු භාණ්ඩ සහ අාභරණ හදන්න අැත් දළ යොදා ගන්නවා. එ් නිසාම අැතුන්ගේ ජීවිත වලට ලොකු තර්ජනයක් අැති වෙලා තියෙනවා.
අැත් දළ වලින් පස්සේ වෙළඳපොලේ වැඩිම වටිනාකමක් තියෙන්නේ හිපෝලාගේ දත් වලට. හිපපොටේමස්ලාගේ දත් අැත් දළ වලට වඩා ශක්තිමත්. එ් වගේම ක්ෂය වෙන්නත් අත් දළවලට වඩා අඩු කාලයන් ගත වෙන්නේ.
මුහුදු අැතා කියලා හදුන්වන්නේ වල්රස් සතුන්ව. එළියට නෙරා අාපු දිගු දත් දෙකක් උන්ටත් තියෙනවා. ගොඩබිම ඉන්න අැතුන්ට වගේම මුහුදේ ඉන්න අැතුන්ගේ දත්වලටත් ලොකු වටිනාකමක් තියෙනවා. අැතැම් අවස්ථාවල අඩි 2 ක් දක්වා දික් වුන වල්රස් දත් හම්බෙලා තියෙනවා. ප්‍රාථමික භාණ්ඩ නිශ්පාදනයට මේ වල්රස් දත් යොදා ගන්නවා.
ස්පර්ම් කියන්නේ තල්මස් වර්ගයක්. මේ සතුන්ගේ දත් විවිධ විසිතුරු භාණ්ඩ නිපදවන්න යොදා ගන්නවා. ස්පර්ම් එක තල්මසෙක්ගේ දත් 30 ක් විතර තියෙනවා. එ් වගේම එක දතක් අඟල් 8 ක් උස සහ අඟල් 3 ක් විතර පළලයි.
හෝන්බිල් එහෙම නැත්තම් කෑදැත්තාගේ හොටයට ඉහළින් හිසේ අාරක්ෂාවට මෙන් විසිතුරු කොටසක් පිහිටා තියෙනවා. ඝන ද්‍රව්‍යකින් හැදිලා තියෙන මෙය ශක්තිමත් බවින් යුක්තයි. චීනයේ මේවාට ලොකු ඉල්ලුවමක් තියෙනවා.
මේ දත් නම් ලබා ගන්නේ සතුන්ගෙන් නම් නෙවෙයි. දකුණු අැමරිකාවේ අයිවරි පාමිහි මැද තියෙන බීජයෙන් තමයි මේවා ලබා ගන්නේ. මේ බීජය සම්පූර්ණයෙන්ම සෙලියුලෝස්වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. අයිවරි පාම් බීජ හැඩයෙන් වගේම ප්‍රමාණයෙන් කිකිළි බිත්තරයකට සමානයි. කුඩා අායිතම් හදන්න මේවා යොදා ගන්නවා. ප්ලාස්ටික් වෙනුවට මේවා භාවිතා කරන්නත් පුළුවන්ලු.
පළවෙනි වතාවට කෘතීම අයිවරි ගැන වාර්තා වෙන්නේ 1865 දී. අැලෙක්සැන්ඩර් පාකර් තමයි මේවා හොයාගෙන තියෙන්නේ. සෙලියුලොයිඩ් වලින් තමයි මේ කෘතීම අයිවරි නිශ්පාදනය කරන්නේ. මේ වගේ කියෙන හොදම දේ තමයි අැත් දළ වෙනුවට අාදේශකයක් විදියට භාවිතා කරන්න පුළුවන් එක.