News Line| Off Air
Generic placeholder image

Dec
12

අද මිශ්‍රඵල තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

628 Views


අද මිශ්‍රඵල තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017දෙසැම්බර් මාසයේ 12 වන අඟහරුවාදා

රාහු කාලය: ප.ව.03.00 සිට 04.28

සුභ දිශාව: දකුණ

 

 

 

 

මේෂ ලග්නය

ශරීර සෞඛ්‍ය පිලිබදව ඉතා සැලකිලිමත් විය යුතුයි. ඔබ නිර්මාංශ කෙනෙක් නම් එය පාලනය කරගත හැකියි. ඉවසීම තරමක් අඩු විය හැකියි. දරුණු ප්‍රතිපත්ති අනුගමනය කරනවා. කාය ශක්තිය දුර්වල විය හැකියි. එඩිතර ස්වභාවය හදවත තුල තබා ගන්න. දුර දිග බලා කටයුතු කරන්න. ඔබගේ අදහස් නොසගවා ප්‍රකාශ කරන්න. ජලය ආශ්‍රිත තැන් වලදී ප්‍රවේසම් වෙන්න. ඔබට එරෙහිව පැවති සතුරු කරදර එලි කර ගැනීමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                         ජය අංකය: 06

වෘෂභ ලග්නය

තීක්ෂණ ඥානය විචක්ෂනශීලි ස්වභාවය බුද්ධිමත් ලෙස කටයුතු කිරීම ඔබට හැකියාව ලැබෙනවා. තියුණු ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ලැබෙනවා. ඔබගේ සතුරන් අභිබවා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ භාග්‍ය හිමි වෙනවා. ඔබට ඉඩමක් නිවසක් ලබා ගැනීමට ඔබේ නමට පවර ගන්න කදිම දවසක්.

ජය වර්ණය: දම් පැහැය                          ජය අංකය: 05

මිථුන ලග්නය

මව් සෙනෙහස පිය සෙනෙහස දරු සෙනෙහස අඹු දරුවන් ගැන මනා අවධානය යොමු කිරීමේ භාග්‍ය ඔබට හිමි වෙනවා. දුර ගමන් කෙටි ගමන් ආදිය වලදී හිත හොද මිත්‍රයන් ලැබීමේ භාග්‍ය ලැබෙනවා. සෘජු ගතිගුණ රූපය ලේඛන ශක්තිය නිර්මාණකරණයට දක්ෂ අය. ඔබට යහපත් ආදරවන්තයෙක් ලැබේවි. ප්‍රේම සම්බන්ධතා වැඩි දියුණු වන දිනයක්.

ජය වර්ණය: ලා කොළ පැහැය                ජය අංකය: 04

 

කටක ලග්නය

අතපසු වුණු වැඩ කරන්න පැරණි කෞශල්‍ය මතු කරගෙන වැඩ පෙන්නන්න ඉතා සුභයි. දුරදිග සිතා බලා කටයුතු කරන අය. දේවල් දොරවල් ඉඩකඩම් යාන වාහන බඩු මුට්ටු සම්බන්ධ කටයුතු වලදී ඉක්මන් වෙන්න එපා. තමාට වඩා උගත් උසස් අයගෙන් උපදෙස් ලබා ගන්න. උරුම හිමිකම් ලැබීමට හැකි දිනයක්. ඔබගේ හැකියාවන් අද පෙරට එන දවසක්.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                            ජය අංකය: 03

සිංහ ලග්නය

මනා පෞරුෂය නිර්භීත ස්වභාවය පාලනය කිරීමේ ශක්තිය සාධාරණ තීන්දු ගැනීම ඔබට අවෙනිකයි. පවට බය පිනට ලැදි තත්වයක් ඔබට අද උදා වෙනවා. කටහඩ යොදවා කරන කටයුතු වලදී ආදායම වැඩි වේවි. ඔබගේ කිර්තිය ජනප්‍රියත්වය ඉතා ඉහල මට්ටමකට යනවා. ගුරු කථිකාචාර්ය නීති වෘත්තීය නිවේදක ගායක වාණිජ ප්‍රචාර කරන අයට ආදායම සරුයි. මනා පෞරුෂයක් කණ්ඩායම් පාලනය කිරීමේ භාග්‍ය හිමි වෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                                ජය අංකය: 02

කන්‍යා ලග්නය

අධික ලාභ ලැබීමට වානිජකරණයට රූප ශ්‍රියාව ඇතිව උපදින්නට ඥානය මෙහෙයවා කටයුතු කරන්න අධික දෛර්ය තියෙන අය. සුව පහසු ස්ථාන වල ගැවසීමට හැකියාවක් ලැබෙනවා. නොපසුබට උත්සාහයෙන් කටයුතු කරන්න. ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට හැකියාව ලැබෙනවා.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 01

 

තුලා ලග්නය

කේන්තියෙන් තීරණ ගන්න එපා. දුර්වල තීරණ ගන්න එපා. සියලු ප්‍රශ්න වලදී සමබර ලෙස කටයුතු කිරීමේ බලය ශක්තිය වැඩි වෙනවා. ඔබගේ ආදායම් තත්වය තරමක් වැඩි වෙනවා. චිත්ත ප්‍රීතිය වැඩි වෙනවා. ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

ඕනෑම දෙයක් යටපත් කරගෙන තමාගේ කරුණු ඉස්මතු කරගෙන ජයග්‍රහණයට යාමට හැකි වෙනවා. බොරුව මුසාව ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව පවතිනවා. විදේශ ගත වීමට සැලසුම් කරන්න ලිපිලේඛන ආදිය භාර දෙන්න අද කදිමයි. ගෙදරට අත්‍යවශ්‍ය බඩුමුට්ටු ගන්න යන්න සුභයි.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 02

 

 

ධනු ලග්නය

තමාගේ ආදායම අඩුනම් කිසියම් අතිරේක රැකියාවක් කිරීමට සුභයි. ප්‍රඥාවට නායකත්වයට පාලන ශක්තියට ඕනෑම ගැටළුවක් ක්ෂණිකව විසදීමට හැකියාව තියෙනවා. ආගමාණුකුල කටයුතු තුලින් දවස ආරම්භ කරන්න. බලාපොරොත්තු වූ යමක් ඉටු වේවි.

ජය වර්ණය: ගුරු පැහැය                        ජය අංකය: 01

 

 

මකර ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් නොයන, සිත පාලනය කිරීම, අධිෂ්ඨානශීලි ශක්තිය, කෞතුක දේ ලැබීම අතින් දක්ෂයි. ගැඹුරු කල්පනාවන්ට දක්ෂයි. කියවීමට පොත්පත් මිලදී ගන්න යම් දේවල් ඔලුවට දමා ගන්න, අතපසු වුණු වැඩ ආරම්භ කරන්නත් කදිම දවසක්. කැපී පෙනෙන දවසක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

ඔබට ජලයෙන් ඉතා අසුභයි. සුරතල් සතුන් සුරතල් කිරීමෙන් වලකින්න. මොලයෙන් වැඩ කිරීමට දක්ෂ වෙනවා. දවස විශිෂ්ඨත්වයෙන් ගෙවා දැමීමට හැකියාව ලැබෙනවා. ශුක්ෂම වැඩ කිරීමට දක්ෂයි.

ජය වර්ණය: නිල් පැහැය                                 ජය අංකය: 08

 

 

මීන ලග්නය

සත්ව කරුණාව පහළවන දිනයක්. මංගල යෝග උදා වෙනවා. ප්‍රේම සම්බන්ධතා වල ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. සියලු බාධා ජය ගැනීමට හැකි වෙනවා. සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලැබෙනවා.

ජය වර්ණය: තද ගුරු පැහැය                       ජය අංකය: 08

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post