News Line| Off Air
Generic placeholder image

Dec
12

ලංකාවේ ව්‍යවස්ථා සභාවෙන් ලෝක වාර්තාවක්?

584 Views


ලංකාවේ ව්‍යවස්ථා සභාවෙන් ලෝක වාර්තාවක්?

අලුත් ව්‍යවස්ථාවක් කියන්නෙ රටකට වැදගත්ම දෙයක්. මොකද රටේ අනාගතය තීරණය වෙන්නෙ ව්‍යවස්ථාවෙන් නිසා. ලංකාවෙත් මේ දවස්වල අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා වෙනවා. මේ අලුත් ව්‍යවස්ථාව හදන්න මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් කරා.

මේ ව්‍යවස්ථා සභාවේ තවත් රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා. හැබැයි මේ රැස්වීම විනාඩි 4 ක් විතරයි තිබ්බෙ. පුදුමයිද විනාඩි 4 ව්‍යවස්ථා සභා රැස්වීමක් කිව්වම. පුදුම වෙන්න දෙයක් නෑ එ්ක අැත්ත. එ්කට හේතුව වුනේ ඊයේ කථික ලැයිස්තුවේ නම් තිබ්බ මන්ත්‍රීවරු කවුරුවත් අැවිත් හිටියෙ නැති එක. මේ නිසා සභාව දින නියමයක් නැතුව කල් තබන්න කථානායකතුමාට සිද්ධ වුනා.

එස්.එම්. චන්ද්‍රසේන, අශෝක ප්‍රියන්ත, මයන්ත දිසානායක, රවීන්ද්‍ර සමරවීර, අනෝමා ගමගේ, අමීර් අල් සහබ්බීන්, චතුර සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්දු, ලකී ජයවර්ධන, වජිර අබේවර්ධන කියන මැති අැමතිවරු තමයි ඊයේ කතා කරන්න හිටියේ. එ්ත් එ් කවුරුවත් ඊයේ ව්‍යවස්ථා සභාවට අාවේ නෑ. ටිකක් හොයලා බැලුවොත් මේක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්. අඩුම කාලයකින් පැවැත්වුව ව්‍යවස්ථා සභා රැස්වීම වගේ.


News Articles
Latest Videos
Most Popular Post