දුම්රිය වැඩවර්ජනය නිසා මිනිස්සු ලොකු අමාරුවක වැටුනා. වැඩට යන්න විදියක් නැතුව, සාමාන්‍ය පෙළ විභාගයට යන්න විදියක් නැතුව ලොකු අපහසුතාවකයට ලක් වෙන්න මිනිස්සුන්ට සිද්ධ වුනා. ඔන්න දැන් ගහෙන් වැටුන මිනිහාට ගොනා අනින්නයි යන්නේ. විදුලිබල මණ්ඩලයත් වැඩවර්ජනයක් කරන්න යනවා.
ලං.වි.ම. තුළ ස්ථාපිත කර ගත්ත නීති විරෝධී වැටුප් තලයට නිලභාවය දෙන්න එපා කියලා සහ සේවක ප්‍රසාද දීමනා, වෛද්‍ය දීමනා හා අතිකාල දීමනා කප්පාදු කරන්නේ නැතුව ගෙවන්න කියල ඉල්ලලා තමයි මේ වැඩ වර්ජනය කරන්නේ. ඒ නිසා රට පුරා සියලු විදුලි වැඩබිම්වල සේවකයන් රාජකාරිවලින් ඉවත් වෙලා වැඩබිම් වල රැඳී ඉන්නවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිසකට නීති විරෝධී ලෙස 60% සිට 120% දක්වා වැටුප් වැඩි කර ගැනීමක් 2014 වර්ෂයේ සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිද්ධ වුන පාඩුව රුපියල් කෝටි 225ක්. මේකට විරුද්ධව සැප්තැම්බර් මාසයේත් දවස් 7 1/2ක වැඩ වර්ජනක් ලං.වි.ම. වෘත්තීය සමිති කරා. එත් වර්ජනය අවසන් කරන්න එකඟ වුන එකඟතා ගිවිසුම කඩ කරමින් පාලනාධිකාරිය කටයුතු කියලයි ලං.වී.ම. වෘත්තීය සමිති චෝදනා කරන්නේ.
මේ වෙද්දී ඒ වර්ජනයට සහභාගි වුන සියලුම සේවකයන්ගේ ප්‍රසාද දීමනා කප්පාදු කරලා කියලා ඔවුන් කියනවා.ඒ වගේම සේවකයන් වසරක් තුළදී ඉතිරි කර ගත්ත වෛද්‍ය දීමනා කප්පාදු කරලා කියලත් වෘත්තීය සමිති කියනවා..
මොනවා වුනත් මේ දේවල් වලින් අන්තිමට තැලෙන්නේ සාමාන්‍ය ජනතාව.