News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

අද ඉඳල දවස් 5ක් ලංකාවට උල්කා වැසි. (VIDEO)

2385 Views


අද ඉඳල දවස් 5ක් ලංකාවට උල්කා වැසි. (VIDEO)

දේවතා එළි එහෙම නැත්තම් උල්කාපාත වර්ෂා කියන්නේ අපූරු සංසිද්ධියක්. අභ්‍යාවකාශයේ ඉඳලා එන උල්කා, පෘථිවි වායුගෝලයට අැතුල් වුනාම තමයි උල්කාපාත වර්ෂා අැති වෙන්නේ. සමහර වෙලාවට ගිණීකෙලි සංදර්ශණයක් වගේ විශාල උල්කාපාත වර්ෂා බලා ගන්න පුළුවන්.

එ් වගේ අපූරු උල්කාපාත වර්ෂාවක් බලා ගන්න අවස්ථාවක් ලංකාවේ අපිට ලැබිලා තියෙනවා. අද රාත්‍රී 9 ක් පස්සේ නැගෙනහිර අහසේ තමයි මේ උල්කාපාත වර්ෂාව බලා ගන්න පුළුවන් වෙන්නේ. එ් වගේම මධ්‍යම රාත්‍රිය වෙද්දී ඉහළ අහසේදීත් අළුයම වෙද්දී බටහිර අහසේත් මේ උල්කාපාත වර්ෂාව බලා ගන්න පුළුවන්.

ජෙමිනිඩ් කියන උල්කාපාත වර්ෂාව තමයි මේ විදියට පේන්නේ කියලා බ්‍රිතාන්‍යය තාරකා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා කිව්වේ. හැම අවුරුද්දෙම දෙසැම්බර් 07 ඉදලා 17 දක්වා කාලයේ මේ උල්කාපාත වර්ෂාව බලා ගන්න පුළුවන්ලු.

මේ තියෙන්නේ නාසා ආයතනය ඒ ගැන නිකුත් කල Facebook සටහන.


News Articles
Latest Videos
Most Popular Post