News Line| Off Air
Generic placeholder image

Dec
13

අද පිටියේ වාසිය තිසරට ලැබෙද්දී තරඟයේ වාසිය ලංකාවටද? ඉන්දියාවටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

1401 Views


අද පිටියේ වාසිය තිසරට ලැබෙද්දී තරඟයේ වාසිය ලංකාවටද? ඉන්දියාවටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

වාර්තාගත ජයග්‍රහණයකට පස්සේ ශ්‍රී ලංකාව අද ඉන්දියාව එක්ක අායෙත් සටන් කරනවා. එ් දෙවෙනි එක්දින තරඟයේදී. මොහාලිහි පන්ජාබ් ක්‍රිකට් සංගම් අයි.එස්. බින්ද්‍රා ක්‍රීඩාංගණයේදී තමයි අද තරඟය පැවැත්වෙන්නේ. දිවා රාත්‍රී තරඟයක් වුන අද තරඟය ලංකාවේ වෙලාවෙන් උදේ 11.30 ට අාරම්භ වෙනවා.

පළවෙනි තරඟයේ සුපිරි ජයත් එකක ලංකාව ඉන්නේ හොද මානසිකත්වයකින්. එ් වගේම තමයි ලබපු දැවැන්ත පරාජයත් එක්ක ඉන්දියාව ඉන්නෙ ලොකු පීඩනයක. අද තරඟය දිනන්න ලංකාවට එ්ක ලොකු සහයක් වේවි. එ් වගේම ශ්‍රී ලංකාවේ නායක තිසර පෙරේරා IPL තරඟාවලියේ පන්ජාබ් පිල නියෝජනය කරා. එ් නිසා ඔහු මේ ක්‍රීඩාංගණයේ තරඟ 10 කට වඩා ක්‍රීඩා කරලා තියෙනවා. තිසරට පුලුවන් වුනොත් එ් අත්දැකීම් අද තරඟයට යොදා ගන්න ලංකාවේ ජයග්‍රහණය තවත් තහවුරු කර ගන්න පුළුවන්. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තිසර අද තරඟය ගැන අදහස් දැක්වුවේ මේ විදියට. “අපිට කිසිම පීඩනයක් නෑ. අද තරඟය ජය ලැබුවොත් අපි තරඟාවලිය ජය ලබන බව අපි සියලු දෙනාම දන්නවා. උපරිමයෙන් ක්‍රීඩා කරන්න මගේ කණ්ඩායම සූදානමින් ඉන්නේ. මගේ වේග පන්දු යවන්නන් ගැන මට සීයට 200 ක විශ්වාසයක් තියෙනවා” කියලයි තිසර කිව්වේ.

මොහාලි ක්‍රීඩාංගණයේදී අන්තිමට එක්දින තරඟයක් පවත්වලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ. එ් ඉන්දියාව සහ නවසීලන්තය අතර. ඉන්දියාව එ් තරඟයේදී කඩුලු 7 ක ජයක් ලැබුවා. එ් තරඟයේදී ලකුණු 154 ක් රැස් කරපු කෝලි අද තරඟයට සහභාගී වෙන්නේ නෑ. මේ සේරම කරුණු දිහා බැලුවම ලංකාවට මේ වෙද්දිත් ජයග්‍රහණය හිමි වෙලා කියලයි පේන්නේ. එ් වුනත් ප්‍රභල ඉන්දියාව කොයි වෙලාවකවත් අවතක්සේරු කරන්න බෑ. එ් නිසා අපි බලමු අද තරඟය මොනවායින් මොනවා වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post