News Line| Off Air
Generic placeholder image

Dec
13

හෙට සිට ඇරඹෙන අධිවේගී ක්‍රිකට් සටනේ නායකත්වය චන්දිමාල්ට. සංගා සහ හේරත් ලංකාවට එරෙහි වෙයි.

2661 Views


හෙට සිට ඇරඹෙන අධිවේගී ක්‍රිකට් සටනේ නායකත්වය චන්දිමාල්ට. සංගා සහ හේරත් ලංකාවට එරෙහි වෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ කාලෙන් කාලෙට විවිධ වෙනස් කම් වෙනවා. දවස් ගණන් ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟ වෙනුවට එක්දින හා T20 තරඟ රටාව හදුන්වලා දුන්නා. වේගවත් ක්‍රීඩා රටාව නිසා T20 තරඟ ප්‍රේක්ෂකයින් අතර ඉතාම ජනප්‍රිය වුනා. හැබැයි දැන් ඊට වඩා වේගවත් ක්‍රිකට් තරඟ රටාවක් හදුන්වා දෙන්න යනවා.

එ් තමයි T10. පන්දුවාර 10 තරඟ රටාව තමයි මේ. T10 තරඟවලදී එක කණ්ඩායමකට ඕවර 10 යි ලැබෙන්නේ. පළවෙනි T10 තරඟාවලිය හෙට ඉදන් සෞදියේදී අාරම්භ වෙනවා. කණ්ඩායම් 6 සහභාගී වෙන මේ තරඟයට ලංකාවෙනුත් කණ්ඩායමක් යනවා. දිනේෂ් චන්දිමාල්ට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම භාර වෙලා තියෙන්නේ. ඩිල්ෂාන් මුණවීර, අැන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, සචිත්‍ර සේනානායක වගේ අත්දැකීම් බහුල ප්‍රහාරාත්මක ක්‍රීඩකයින් ලංකාවේ කණ්ඩායම නියෝජනය කරනවා. එ් වගේම තමයි ලංකාවේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහ සුපිරි වමත් දඟ පන්දු යවන්නා රංගන හේරත් මේ තරඟාවලියට ක්‍රීඩා කරනවා. හැබැයි ඔවුන් ක්‍රීඩා කරන්නේ ලංකාවට නම් නෙවෙයි. කොහොම වුනත් අපි බලමු අධිවේගී ක්‍රිකට් තරඟාවලියේ පළවෙනි ශූරතාව දිනා ගන්න ලංකාවට පුළුවන් වෙයිද කියලා.

https://www.facebook.com/T10league/videos/284112382112096/

 


News Articles
Latest Videos
Most Popular Post