News Line| Off Air
Generic placeholder image

Dec
14

“ඔන්න පොලීසියට බැරි දේ මම කලා” ජීවිතයට පරදුවට තබා සටන් කල අපේ කාලයේ සැබෑ වීරයෙක්.

1116 Views


“ඔන්න පොලීසියට බැරි දේ මම කලා” ජීවිතයට පරදුවට තබා සටන් කල අපේ කාලයේ සැබෑ වීරයෙක්.

ගව ඝාතනය නවත්තන්න ඕන කියලා හැමෝම කෑ ගහනවා. හැබැයි කවුරුවත් එ්කට අාරම්භයක් ගන්නේ නෑ. හැමෝම කරන්නේ එක එක්කෙනාට බෝලේ පාස් කරන එක විතරයි. හැබැයි ගව ඝාතනය නවත්තන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා කටයුතු කරපු තරුණයෙක් ගැන අපිට අාරංචි වුණා.

මේ තරුණයා රාත්‍රියේ වාහනයෙන් ගමන් කරමින් ඉන්නකොට ත්‍රීවිල් එකකට හරක් පැටව් පටවනවා දැකලා තියෙනවා. වාහනයේ ලයිට් ඕෆ් කරගත්ත තරුණයා ත්‍රීවිල් එක හඹාගෙන ගිහින්. කිහිප සැරයක්ම ත්‍රීවිල් එක හප්පලා නතර කරගෙන තියෙනවා. එ්ත් හොරු ටික නම් පැනලා ගිහින්. කොහොම වුනත් අහිසංක සතුන් දෙන්නෙක්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙලා තියෙනවා.

තමන්ගේ ජීවිතය ගැනවත්, වාහනයට වුන හානිය ගැනවත් නොසිතා මේ කරුණයා කළ ක්‍රියාව අැත්තටම වටිනවා. එක එක්කෙනාට බෝලේ පාස් කරන්නේ නැතුව තමන්ම අාදර්ශයක් දෙන එක තමයි වැදගත්. අපේ රටට ඕන කරන්නෙත් මේ වගේ තරුණයන් තමයි.


News Articles
Latest Videos
Most Popular Post