දෙවන එක්දින තරඟයෙන් දැවැන්ත ලකුණු 141 ක ජයක් ලබා ගන්න ඉන්දියාව සමත් වුණා. එ් පළවෙනි එක්දින තරඟයේදී ඔවුන්ට අත්වුන ලැජ්ජාව වගේම අවනම්බුවක් ලංකාවට ඉතිරි කරලා. එක්දින තරඟවලදී තවමත් ද්විත්ව ශතක පහසුවෙන්ම වාර්තා කරන්න පුළුවන් තමන්ට කියලා ෂර්මා අායෙත් ඔප්පු කරා. තරඟය පැවැත්වුනේ මොහාලි ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්ත තිසර මුලින්ම ලකුණු රැස් කරන්න ෂර්මාට අාරාධනා කරා.
ලැබුණ අාරාධනයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ෂර්මා ලංකාවේ පන්දු යවන්නන්ට අැප නැති වෙන්න පහර දුන්නා. පළවෙනි කඩුල්ලට ෂර්මා සහ ධවාන් ලකුණු 115 ක සබඳතාවක් ගොඩනැගුවා. ධවාන් ලකුණු 68 යි. ඊට පස්සේ පිටියේ එක්වුන ෂර්මා සහ ඉයේර් ලකුණු 213 ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා. ඉයේර් වේගවත් ලකුණු 88 ක් රැස් කරා. එ් 4 පහර 9 ක් සහ 6 පහර 2 ක් එක්ක. තවත් අමතක නොවෙන ඉතිහාසගත ඉනිමක් ක්‍රීඩා කල නායක ෂර්මා නොදැවී ලකුණු 208 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට දැවැන්ත 6 පහර 12 ක් සහ 4 පහර 13 ක් අැතුලත් වුණා. ඉන්දීය පිතිකරුවන් හමුවේ ලංකාවේ පන්දු යවන්නන්ට බලා ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වුනේ නෑ. තිසර පෙරේරා කඩුලු 3 ක් දවා ගත්තා. සචිත් පතිරණ එක කඩුල්ලයි. පන්දුවාර 50 අවසන් වෙද්දී ඉන්දියාව කඩුලු 4 ක් දැවී දැවැන්ත ලකුණු 392 ක් රැස් කර ගත්තා.
දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගිය ලංකාවේ පිතිකරුවන්ට ඉලක්කය සාර්ථක කර ගන්න බැරිවුණා. හිටපු නායක මැතිව්ස් හුදකලා සටනක් අරගෙන ගියා. නමුත් ඔහුගේ සටනට පොඩි හරි සහයක් ලැබුනේ අසේලගෙන් විතරයි. තරංග ලකුණු 7 යි. දනුෂ්ක ලකුණු 16 කට දැවී ගියා. තිරිමාන්න ලකුණු 21 කුත් දික්වැල්ල ලකුණු 22 කුත් ලබා ගත්තා. සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයේ යෙදුන අසේල වේගවත් ලකුණු 34 ක් රැස් කරා. එ් 4 පහර 5 ක් එක්ක. ලංකාවේ නම්බුව යම් තරමකට හරි අාරක්ෂා කර ගත්තේ මැතිව්ස්. ඔහු නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තා. එ් 4 පහර 9 ක් සහ 6 පහර 3 ක් එක්ක. පන්දුවාර 50 අවසන් වෙද්දී ලංකාවට කඩුලු 8 ක් දැවී ලකුණු 251 විතරයි ලබා ගන්න පුළුවන් වුනේ. ෂර්මා ලබා ගත්ත ද්විත්ව ශතකයත් එක්ක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්න ඔහුට පුළුවන් වුණා. මේ තියෙන්නේ එ් වාර්තා ටික.
* එක්දින තරඟවලදී වැඩිම දිත්ව ශතක රැස් කල ක්‍රීඩකයා වුනේ රෝහිත් ශර්මා. ඔහු දිත්ව ශතක 3 ක් ලබා ගෙන තියෙනවා.
* එක්දින තරඟවලදී නායකයෙක් රැස්කල දෙවෙනි වැඩිම ලකූණු ගණන. නායකයෙක් විදියට වැඩිම ලකුණු රැස් කරලා තියෙන්නේ විරේන්ද්‍ර ශෙවාර්. එ් ලකුණ 219 ක්.
* ඉන්දියාවේ ක්‍රීඩකයෙක් වසරකදී ලබා ගත්ත 3 වෙනි වැඩිම ශතක ගණන. ෂර්මා මේ අවුරුද්දේ ශතක 6 ක් ලබා ගෙන තියෙනවා.
තරඟයේ වීරයා රෝහිත් ෂර්මා. තරඟාවලිය 1 -1 වෙද්දී සම තත්වයක තියෙන්නේ. එ් නිසා අවසන් එක්දින තරඟය දෙපිළටම අතිශය වැදගත්. අපි බලමු අවසන් තරඟයේදී වාසනාව කොයි පැත්තට කැරකෙයිද කියලා.