News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

“ඔව් කසාද බන්දින්නේ නැතිවම මං තාත්තා කෙනෙක් වෙන්න යනවා” – දසුන් පතිරණ මුල්වරට මාධ්‍යට හෙළිකරයි.- EXCLUSIVE

1934 Views


“ඔව් කසාද බන්දින්නේ නැතිවම මං තාත්තා කෙනෙක් වෙන්න යනවා” – දසුන් පතිරණ මුල්වරට මාධ්‍යට හෙළිකරයි.- EXCLUSIVE

ලංකාවේ නළු නිළියන් කාලෙන් කාලෙට විවිධ පුවත් මවනවා. එ් වගේ පුවතක් අපි ඊයේ ඔබට කිව්වා. දක්ෂ නළුවෙක් වුණ දසුන් පතිරණ අැයගේ පෙම්වතියත් එක්ක ඡායාරූප වගයක් ෆේස්බුක් එකට දාලා තිබ්බා. එ් ඡායාරූප වල විදියට නම් දසුන්ගේ පෙම්වතිය ගැබ් අරගෙන තියෙනවා.

මාධ්‍ය හරහාත් දසුන්ගේ පෙම්වතියගේ මේ වෙනස ගැන කතා කරා. සමහරු කිව්වේ මේක මියුසික් වීඩියෝ එකක වැඩක් කියලා. කොහොම වුනත් මේ කතාවේ අැත්ත නැත්ත දැන ගන්න අපි දසුන්ට කතා කරා. “ඔවු මම විවාහ වෙන්නත් කලින්ම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ” දසුන් අපිට කිව්වේ එහෙමයි.

දසුන් පළවෙනි වරට තමයි මාධ්‍යයට මේ ඇත්ත ගැන කිව්වේ. ඉතිං දසුන්ටයි හංසිටයි සියත 24 අපි සුභ පතනවා.

 

 


News Articles
Latest Videos
Most Popular Post