News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

කුරුමිණියෙක් නිසා රුසියාවෙන් ලංකාවට තහනමක්.

4142 Views


කුරුමිණියෙක් නිසා රුසියාවෙන් ලංකාවට තහනමක්.

ලෝකයේ හොදම තේ තියෙන්නේ ලංකාවේ. Ceylon Tea කිව්වම ලෝකයේ ලොකු පිලිගැනීමක් තියෙනවා. හැබැයි ලංකාවේ තේ වලට ලොකු හානියක් පහුගිය දවසක වෙලා තිබ්බා.

රුසියාවට යවපු තේ තොගයක කුරුමිණියෙක් ඉදලා හම්බෙලා තියෙනවා. මේ නිසා ලංකාවේ තේ අැතුළු වැවිලි නිශ්පාදන වලට රුසියාව තාවකාලික තහනමක් පනවලා තියෙනවා. අපේ රටෙන් යවපු තේ තොගයක “ට්‍රෝගෝඩර්මා ග්‍රානේරියම්” යන විද්‍යාත්මක නම තියෙන කුරුමිණියෙක් ඉදලා තියෙනවා. සාමාන්‍යයෙන් ගබඩා කරන ලද ධාන්‍ය වර්ගවල බහුලව මේ කුරුමිණියා දකින්න පුළුවන්. එ් වගේම හානිකර කෘමියෙක්.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මේ ගැන නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. ඔවුන් කියන්නේ මේ කෘමියා හමුවුන තේ තොගය සහිත බහාලුම මීට කලින් ධාන්‍ය ප්‍රවාහනය කරපු එකක්ලු. එ් වගේම බහාලුම ශ්‍රී ලංකාවට අයිති එකක් නෙවෙයිලු. මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න ඉක්මනටම කටයුතු කරනවා කියලත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියනවා.

ලංකාවේ අාර්ථිකයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තේ අපනයනයෙන් ලැබෙනවා. රුසියාවේ තේ වෙළඳපොළේ ලංකාවේ තේ ව ට 23% ක ඉඩක් තියෙනවා. නිකන් හරි ලංකාවේ තේ වලට ලෝකයේ තියෙන තැන නැති වුනොත් ලංකාවේ හැමෝටම පස් කන්න තමයි වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post