ලෝකයේ අධිවේගීම ක්‍රිකට් තරඟාවලියේ ලංකාව සහභාගී වුන තරඟ ඊයේ පැවැත්වුණා. චන්දිමාල්ගේ නායකක්වය යටකේ සහභාගී වුන Team Sri Lanka කණ්ඩායමට නම් ඊයේ හොද දවසක් වුනේ නෑ. ලංකාව සහභාගී වුන තරඟ 2 ම පරාජය වුනා.
මුලින්ම පන්දුවට පහර දුන්න ලංකාව පන්දුවාර 10 අවස් වෙද්දී ලකුණු 125 ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල නායක චන්දිමාල් නොදැවී ලකුණු 37 යි. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ එක් 6 පහරක අැතුලත් වුණා. ෂෙහාන් ජයසූරිය 4 පහර 3 ක් සහ 6 පහර 2 ක් එක්ක ලකුණු 28 යි. රඹුක්වැල්ල ලකුණු 22 යි. විල්ජොයින් සහ බ්‍රාවෝ ලංකාවේ කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 125 ක ඉලක්කයක් හඹා ගිය Maratha Arabians කණ්ඩායම අවසන් පන්දුවේදී ජයග්‍රහණය ලබා ගත්තා. එ් කඩුලු 5 ක් දැවී. රොස්සොව් නොදැවී ලකුණු 49 යි. එ් දැවැන්ත 6 පහර 6 ක් එක්ක. හේල්ස් ලකුණු 32 යි. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ එක් හයේ පහරක් අැතුලත් වුණා. විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත්තා. මදුෂන්ක සහ රඹුක්වැල්ල එක කඩුල්ල බැගින් දවා ගත්තා.
ලංකාව දෙවෙනියට තරඟ වැදුනේ Pakthoons කණ්ඩායම එක්ක. මුලින්ම පන්දුවට පහර දුන්න Pakthoons කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 111 ක් ලබා ගත්තා. තමීම් ඉක්බාල් වේගවත් ලකුණු 56 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ දැවැන්ත 6 පහර 4 ක් අැතුලත් වුණා. අහමඩ් ශෙසාඩ් ලකුණු 24 යි. ෂෙහාන් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 112 ක ඉලක්කයක් හඹා යන්න ලංකාව පිටියට අාවා. එත් ලංකාවේ පිතිකරුවන්ට සාර්ථක වෙන්න Pakthoons පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ. නායක චන්දිමාල් එක ලකුණකට දැවී ගියා. භානුක රාජපකෂ ලකුණු 13 යි. රමිත් රඹුකවැල්ල ලකුණු 18 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුනේ වනිදු හසරංග. ඔහු 6 පහර 2 ක් සහ 4 පහර 3 ක් එක්ක අධිවේගී ලකුණු 31 ක් ලබා ගත්තා. පන්දුවාර 10 අවසන් වෙද්දී කඩුලු 7 ක් දැවී ලකුණු 84 ක් විතරයි ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ. එ් නිසා Pakthoons කණ්ඩායමට ලකුණු 27 ක ජයක් ලැබුණා.
ලංකාව ක්‍රීඩා කල තරඟ 2 ම පැරදුණා. එ් නිසා තරඟාවලියේ තවදුරටත් ඉස්සරහට යන්න ලංකාවට අවස්ථාවක් නෑ. කොහොම වුනත් ලංකාවේ තරුණ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කලා.