News Line| Off Air
Generic placeholder image

Dec
17

මැලේසියානු අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය නිසා වැහෙන පාරවල් මෙන්න.

570 Views


මැලේසියානු අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය නිසා වැහෙන පාරවල් මෙන්න.

මැලේසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් නජිබ් රෂාක් මහතා අද උදේ ශ්‍රීලංකාවට ආවා. ඉතින් ඔහුගේ සංචාරය නිසා කොළඹ පාරවල් කිහිපයක් අදයි, හෙටයි ටික වෙලාවකට වහනවා කියලා පොලිසිය කියනවා. පහතින් තියෙන්නේ ඒ පාරවල් ටික සහ පාරවල් වහන වෙලාවල් ටික.

බේස්ලයින් පාරට පිවිසෙන අතුරු පාරවල් වන ආනන්ද කුමාරස්වාමි මාවත/ කොල්ලුපිටිය හන්දිය/ ගාලු මුවදොර පිටිය/ NSA වටරවුම විනාඩි 15 ක් විතර වහනවා.

හෙට (18) උදේ 8:15 ඉඳන් උදේ 10:00 වෙනකන් කාලයේ ගාලුමුවදොර වටරවුම සහ පාර්ලිමේන්තු වටරවුම විනාඩි 15 ක් විතර සැරින් සැරේට වහනවා කියල පොලිසිය දැනුම්දෙනවා.

මේ වෙලාවල් වල මේ පාරවල් ඔබ පාවිච්චි කරන්න ඉන්නවනම්, විකල්ප පාරවල් පාවිච්චි කරන්න කියලත් පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post