News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

ලංකාවේ ඇත් දළ වෙනුවෙන් ඇතුන් මරද්දී, මීට අවුරුදු 10,000 කට කලින් හිටපු දැවැන්තයෙක් ප්‍රංශයේදී විකුණලා. (VIDEO)

1012 Views


ලංකාවේ ඇත් දළ වෙනුවෙන් ඇතුන් මරද්දී, මීට අවුරුදු 10,000 කට කලින් හිටපු දැවැන්තයෙක් ප්‍රංශයේදී විකුණලා. (VIDEO)

අද අපිට දකින්න ලබන අලියා කියන සතා වගේම විශාල සතෙක් හිම යුගයේ ජිවත් වුනා. ඒ සතා හැඳින්වුයේ “මැමත්” කියන නමෙන්. අලියට වඩා වෙනස්කමකට තිබුනේ මේ සතාගේ ඇඟේ දිග ලොම් තිබුන එක විතරයි. අද වෙද්දී මේ සතාව අපිට දකින්න පුළුවන් වෙන්නේ විදේශීය කෞතුකාගාර වල විතරයි.

මීට අවුරුදු 10,000 කට කලින් හිටපු මේ වගේ දැවැන්ත “මැමත්” අලියෙකුගේ සැකිල්ලක් ප්‍රංශයේදී ඊයේ යුරෝ 5,50000 කට අලෙවි කරලා තියෙනවා. ඉස්සසරහටම දරණ ගැසුනු දළ යුගලක් එක්ක අස්ථි රැසක්ම මේ සැකිල්ලට ඇතුලත් වෙලා තිබුනා.

මේ සැකිල්ල මිලදී අරගෙන තියෙන්නේ “මැමත්” තමන්ගේ සමාගමේ ලාංඡනය විදිහට යොදාගෙන තියෙන සමාගමක්. මේක මිලදිගත්ත ව්‍යාපාරිකයා මාධ්‍යට කිව්වේ මේ සැකිල්ල තමන්ගේ සමාගමේ ප්‍රදර්ශනයට තියන්න අදහස් කරනවා කියලයි.

මේ මැමත් හස්තියාගේ අස්ථිවලින් 80% ක් විතර අලෙවි වුන සැකිල්ලට ඇතුලත් වෙලා තිබුනා.

 

https://youtu.be/bdXWXrY_nLo


News Articles
Latest Videos
Most Popular Post