News Line| Off Air
Generic placeholder image

Dec
18

අද ලග්න තුනක් වචන භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

920 Views


අද ලග්න තුනක් වචන භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 18 සඳුදා

රාහු කාලය: පෙ.ව.07.42 සිට 09.10

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

 

 

මේෂ ලග්නය

රැකිරක්ෂා කටයුතු කෙරෙහි කම්මැලි වෙනවා. නමුත් අධික ලෙස වැඩ කටයුතු කිරීමට ඔබට සිදු වෙනවා. රාජකාරි කටයුතු වලදී වැඩිහිටියන්ගේ උපදෙස් ලැබෙනවා. අලුත් ආයෝජන මාර්ග ලැබෙනවා. පදිංචිය වෙනස් කිරීමට සිදු වෙනවා. කලාකාමී, මුල්‍ය පරිපාලන කටයුතු, සන්නිවේදන කටයුතු වලට ඉතාමත්ම යහපත්. දණහිස ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 08

වෘෂභ ලග්නය

පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. කලක් පිඩාවට පත් වෙලා තිබුණු කටයුතු බොහොම පහසුවෙන් අවසන් කරගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු, ප්‍රේමනීය කටයුතු යුග ජීවිතය සම්බන්ධව තිබුණු බාධා කම්කටොලු ඉවත් කර ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. සතුරු කරදර දුරු කර ගන්න පුළුවන්. ගුප්ත ශක්තිය වර්ධනය කර ගන්න පුළුවන්.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 07

මිථුන ලග්නය

අලුත් ආරම්භයන් සටහන් කරන්න ඉතාමත්ම යහපත්. සුළු සුළු බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. වෙනදට වඩා තරමක් කල්පනාකාරී වීම වගේම මහන්සි වීම අත්‍යවශ්‍යයි. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. තරමක් කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. වචන බාවිතයේදී ප්‍රවේසම් වෙන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 09

 

කටක ලග්නය

පුංචි පුංචි බාධාකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. සතුරු කරදර රහස් කුමන්ත්‍රණ වලට මුහුණ දීමට සිදු වෙනවා. හවුලේ කරන කටයුතු අන් අයව විශ්වාස කරලා කරන කටයුතු පිලිබදව සැක සහිත තැන් ඇතිවිය හැකියි. තරමක කම්මැලි සහගත ස්වභාව ඇතිවිය හැකියි. රථවාහන වාසස්ථාන පිලිබදව වෙනදට වඩා උනන්දුවක් ඇති වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                                    ජය අංකය: 07

සිංහ ලග්නය

තරමක කලබලකාරී ස්වභාවයක් දවස පුරාම ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කලත් තරඟකාරී කටයුතු වලින් අධ්‍යාපනික කටයුතු වලින් තරමක බාධා ඇති වෙනවා. ජයග්‍රාහී මනසිකත්වය අත්‍යවශ්‍ය දවසක්. අසල්වැසියන් සමග බොහෝ සුහද සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. සියුම් සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. ගමන් බිමන් ඇති වෙනවා. මානසික ශක්තිය වර්ධනය වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                  ජය අංකය: 03

කන්‍යා ලග්නය

ඔබගේ පවුල් ජීවිතය ආශ්‍රිත කටයුතු ව්‍යාපාරික කටයුතු ධන ශක්තිය යොදා කරන්නාවූ කටයුතු ආදායම් මාර්ග ශක්තිමත් කර ගන්න කරන කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගත හැකි වෙනවා. සෞඛ්‍ය පිඩා ඇතිවිය හැකියි. නිතර නිදා ගන්න ස්ථානය පිලිබදව ගැටළු මතු වෙනවා. සිතුවිලි වල පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. අතිශය කාර්යබහුල දවසක් බවට පත් වෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය වැඩි වෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 07

 

තුලා ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. අන් අය ඔබව විශ්වාස කරලා බොහෝ කටයුතු වලට එකතු වෙනවා. ඔබටත් අන් අයව විශ්වාස කරලා කටයුතු කිරීමට හැකියාව පවතිනවා. සහෝදර ඥාතීන් සමග විරසකවීම් ඇති වෙන්න පුළුවන්. අසල්වැසියන් සමග පුංචි අඩදබර ඇතිවිය හැකියි. කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

ඔබ කටයුතු ආරම්භ කරද්දී බොහෝ අවස්ථාවක් කල්පනා කරලා කටයුතු කල්දාන්න උත්සහ දරනවා. වෙනද තිබුණු ජවසම්පන්න ස්වභාවය යටපත් වෙනවා. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව වචන භාවිතා කරන්න. පදිංචිය වෙනස් වීමක් සිදු විය හැකියි. අවලාද අපහාස උපහාස වැනි දේවල් වැඩියෙන් ඇති වෙන්න පුළුවන්. කරගෙන යන කටයුතු වල පැහැදිලි වෙනසක් අපේක්ෂා කරනවා.

ජය වර්ණය: දම් පැහැය                   ජය අංකය: 07

 

 

ධනු ලග්නය

විදේශගත සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම සන්නිවේදන ක්‍රම භාවිතා කරලා තාක්ෂණික උපාංග භාවිතා කරලා බොහෝ සම්පත් ලගා කර ගැනීමට හැකියාව ලැබෙනවා. දුර බැහැර ගමන් යන්න ආරධනා ලැබෙනවා. ඔබගේ කාර්යබහුල ස්වභාවය නිසා තරමක වෙහෙසකර ස්වභාවයක් ඇති වෙනවා. ගේදොර ඉඩකඩම් ඥාතීන්ගේ කටයුතු වලින් දුරස් වීමට සිදු වෙනවා. මානසික ව්‍යකුලතා ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 07

 

 

මකර ලග්නය

තරමක් කල්පනාකාරී විය යුතු වෙනවා. ජලය විදුලිය උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී ප්‍රවේසම් වන්න. ඔබ වෙනදට වඩා ඔබ පිලිබදව ඔබේ ආරක්ෂාව පිලිබදව අවධානය යොමු කරන්න. දණහිස ආශ්‍රිත රෝගී තත්ව, අතේ පයේ කැක්කුම් සහිත තත්ව ඇතිවිය හැකියි. තරමක කල්පනාකාරීව කටයුතු කල යුතුයි. අන් අයගේ උපදෙස් පරිදි කටයුතු කරන්න. ගන්න තීන්දු තීරණ නිසා ස්වාභාවිකවම තමන්ව විපතට පත් වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. මිල මුදල් රාජ්‍ය පරිපාලනය හා සම්බන්ධ වන කටයුතු වලදී බොහෝ සෙයින් කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 08

 

 

කුම්භ ලග්නය

රැකී රක්ෂා වෙළදාම් කටයුතු වල යම් වෙනසක් අපේක්ෂා කරනවා. පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වුනත් අලුත් ආදායම් මාර්ග ඇති කරගන්න සුභ දවසක්. සමාජයේ අවධානය යොමුවන දවසක්. මුල්‍ය පරිපාලන කටයුතු සන්නිවේදන සම්බන්ධ කටයුතු පහසුවෙන් සාර්ථකත්වයට පත්කර ගත හැකියි. අසනීප උපද්‍රව පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්න. වියදම් පාර්ශවය ඉහල යා හැකියි. ජිවිතයට අලුත් බලාපොරොත්තුවක් එක්කර ගත හැකි වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය            ජය අංකය: 09

 

 

මීන ලග්නය

ආදායම් තත්වය වර්ධනය කර ගන්න හැකි වෙනවා. පුංචි පුංචි බාධා කම්කටොලු පැන නැගුනත් ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න හැකියාව පවතිනවා. තරමක ශෝකාකුල තත්වයක් නිර්මාණය වීමේ ඉඩකඩ පවතිනවා. අන් අයත් සමග රහසිගතව ගොඩනගා ගන්නා සම්බන්ධතා නිසා ආදායම් ගොඩ නැගෙනවා. රැකී රක්ෂා වෙළදාම් දියුණු කර ගන්න අනිත් අයගේ උදව් උපකාර හිමි වෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය              ජය අංකය: 03

 

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post