News Line| Off Air
Generic placeholder image

Dec
18

නීති විරෝධී ඡන්ද ප්‍රචාරණ මඩින්න අලුත් සැලැස්මක්. පෝස්ටර් වහන්න කොමිසමත් පෝස්ටර් අලවයි.

2171 Views


නීති විරෝධී ඡන්ද ප්‍රචාරණ මඩින්න අලුත් සැලැස්මක්. පෝස්ටර් වහන්න කොමිසමත් පෝස්ටර් අලවයි.

මේ දවස්වල ලංකාව ඡන්ද උණුසුමෙන් රත්වෙලා තියෙන්නේ. එ නිසා නත්තලේ සීතලත් හරියට දැනෙන්නේ නැද්ද මන්දා. මැතිවරණයක් කිව්ව ගමන් ඔබේ ඔලුවට එන දෙයක් තමයි පෝස්ටර් සහ බඩු මලු. කලින් සැරේ ඡන්දෙ අරගෙන මැතිසබේට යන මන්ත්‍රීලට අායෙත් ජනතාව මතක් වෙන්නේ ඊළඟ මැතිවරණයේදී. ඉතිං ජනතාවගේ ඡන්ද ටික බා ගන්න රටේ නැති දේවල් බෙදනවා. තාප්ප, ගේට්ටු, පාරවල් වැහෙන්න පෝස්ටර් ගහනවා.

හැබැයි ලංකාවේ මැතිවරණ නීතිය අනුව මේ සේරම නීති විරෝධී දේවල්. ඡන්දයක් ප්‍රකාශ කලාම බඩු බෙදන්නවත් පෝස්ටර් ගහන්නවත් බෑ. කොච්චර එපා කිව්වත් අපේක්ෂකයෝ ටික එ් වැඩ නොකර ඉන්නෙත් නෑ. එ් නිසා මේ පාර මැතිවරණ කොමිසම නීතිවිරෝධී වැඩ නවත්තන්න අපූරු උපක්‍රම ටිකක් යොදලා තියෙනවා. කොච්චර එපා කිව්වත් අපේක්ෂකයෝ බඩු බෙදන එක නවත්තන්නේ නෑනේ. එ් නිසා මීට පස්සේ අපේක්ෂකයෝ බඩු බෙදුවොතින් බෙදන බඩුවල පොලීසිය අැවිත් දැන්වීමක් අලවනවා. “මේ භාණ්ඩ මහජනයාගේ මුදලින් ලබාදෙන ලද එ්වා මිස කිසිම පක්ෂයක මුදල් නොවේ. එ් නිසා මේ භාණ්ඩ ලබා ගන්නා ඔබ ඡන්දය දීමට බැදී නැත.” කියලා තමයි මේ දැන්වීමේ තියෙන්නේ. එ් වගේම විවෘත කිරීමි වලටත් එ් වගේ බැනර් එකක් ගහනවලු.

ඡන්ද කාලයේ එන තවත් වසංගතයක් තමයි පෝස්ටර්. ගෙදරක තාප්පයක්, ගේට්ටුවක් බේරගන්න බැරි වෙන්න අපේක්ෂකයන්ගේ පෝස්ටර් වලින් වහනවා. කාලයක් මැතිවරණ දෙපාර්තුමේන්තුවෙන මේ පෝස්ටර් ගැලෙව්වා. එ්කටත් අපේක්ෂකයෝ උපක්‍රමයක් යෙදුවා. එ් පාප්ප වලට වීදුරු කුඩු දාලා අලවන එක. එතකොට ගලවන කෙනාගේ අත කැපෙන නිසා නිකන් ඉන්නවා. මේ පාර මැතිවරණයේ අලවන කිසිම පෝස්ටරයක් ගලවන්නේ නෑ කියලා මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. එ් වෙනුවට “මෙය නීතිවිරෝධී දැන්වීමකි” කියලා දැන්වීමක් පෝස්ටර් උඩින් අලවනවාලු. කොහොම වුනත් හොද උපක්‍රම ටිකක් මේ පාර ක්‍රියාත්මක කරන්න යනවා. හැබැයි ඉතිං එ්වා කොච්චර දුරට වැඩ කරයිද කියලා බලන්න වෙන්නේ ඡන්දෙන් පස්සේ තමයි.


News Articles
Latest Videos
Most Popular Post