News Line| Off Air
Generic placeholder image

Dec
18

Last Man ටත් Chance දෙන, ඕවරයට බෝල 05 ක් තියෙන, ක්‍රිකට් නීති රීති වෙනස් කල අමුතු ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනයි. හොඳම පිතිකරුවා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා අජන්ත මෙන්ඩිස්. (VIDEO)

2313 Views


Last Man ටත් Chance දෙන, ඕවරයට බෝල 05 ක් තියෙන, ක්‍රිකට් නීති රීති වෙනස් කල අමුතු ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනයි. හොඳම පිතිකරුවා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා අජන්ත මෙන්ඩිස්. (VIDEO)

එ් දවස්වල සුද්දෝ පටන් ගත්ත ක්‍රිකට් නෙවෙයි අද තියෙන්නේ. කාලයත් එක්ක විවිධ වෙනස්කම් වලට ක්‍රිකට් ක්‍රීඩාවත් ලක්වුණා. එකේ ප්‍රතිඵලයක් තමයි විස්සයි විස්ස තරඟ රටාව. මේ දවස්වල තවත් අලුත් ක්‍රිකට් තරඟ රටා 2 ක් ලෝකයට හදුන්වලා දීලා තියෙනවා. එකක් තමයි T10 තරඟ රටාව. පහුගිය දා තිබ්බ T10 තරඟාවලියේදී ලංකාවට ලොකු පරාජයකට මුහුණ දෙන්න වුණා.

සාමාන්‍ය ක්‍රිකට් නීතිරීති වලට වඩා වෙනස් ක්‍රිකට් තරඟාවලියකුත් ලෝකයට හදුනවලා දුන්නා. එ් තමයි “ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්” තරඟාවලිය. ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් රටාවේදී අන්තිම ක්‍රීඩකයාටත් දැවී යනකන් ක්‍රීඩා කරන්න පුළුවන්. “ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්” ක්‍රිකට් ලෝකශුරතාව පහුගිය දවස්වල දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වල පැවැත්වුණා. එ්කට ලංකාව නියෝජනය කරමින් “වෙනෝරා ශ්‍රී ලංකා” කණ්ඩායම සහභාගී වුණා. දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස්ට තමයි වෙනෝරා කණ්ඩායම බාර වුනේ.

පළවෙනි වතාවට “ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්” ක්‍රිකට් ලෝක ශූරතාව දිනන්න අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් වුණා. එ් කණ්ඩායම් 48 ක් අතරින් වීම විශේෂත්වයක්. තරඟාවලිය පුරාම කැපී පෙනෙන දස්කම් දක්වන්න ලංකාවට පුළුවන් වුණා. එ් වගේම අජන්ත මෙන්ඩිස් පන්දුවෙන් වගේම පිත්තෙනුත් දස්කම් දැක්වීම විශේෂත්වයක්.

අවසන් මහා තරඟය පැවැත්වුණේ වෙනෝරා ශ්‍රී ලංකා කණඩායම සහ දකුණු අප්‍රිකාවේ රොබෙල්ස් කණ්ඩායම අතර. මුලින්ම පන්දුවට පහර දුන්න ලංකාව පන්දුවාර 20 අවසන් වෙද්දී ලකුණු 201 ක් ලබා ගත්තා. එ් කඩුලු 7 ක් දැවී තිබියදී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ලක්ෂ එදිරිසිංහ පන්දු 32 දී නොදැවී ලකුණු 70 ක් රැස් කරා. නායක අජන්ත මෙන්ඩිස් පන්දු 25 කදී ලකුණු 41 ක් ලබා ගත්තා. ලකුණු 202 ක ඉලක්කයක් හඹා ගිය රොබෙල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසන් වෙද්දී කඩුලු 6 ක් දැවී ලකුණු 116 ක් විතරයි ලබා ගත්තේ. ඩැනියෙල් පෝල්ටන් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තා. නවන්ත රත්නායක සහ ජනක සම්පත් කඩුලු 2 බැගින් ලබා ගත්තා. එ් අනුව ලකුණු 86 ක් සුපිරි ජයක් ලංකාවට හිමි වුණා. තරඟාවලියේ දක්ෂතම පිතිකරුවා වගේම තුන්ඉරියව් ක්‍රීඩකයා වුනෙත් අජන්ත මෙන්ඩිස්. දක්ෂතම පන්දු යවන්නා නවන්ත රත්නායක.

https://youtu.be/0g0Kkl11OCA


News Articles
Latest Videos
Most Popular Post