News Line| Off Air
Generic placeholder image

Dec
18

“මට කෑම එපා මහත්තයා…පුළුවන් නම් නංගිටයි, මල්ලිටයි කන්න මොනවහරි අරන් දෙන්න.” – සීතල නත්තල ආදරයෙන් උණුසුම් කළ තවත් කතාවක්. #TRENDING

1972 Views


“මට කෑම එපා මහත්තයා…පුළුවන් නම් නංගිටයි, මල්ලිටයි කන්න මොනවහරි අරන් දෙන්න.” – සීතල නත්තල ආදරයෙන් උණුසුම් කළ තවත් කතාවක්.  #TRENDING

හොඳ දේට හොදයි කියන්නත්, වැරදි දේට වැරදියි කියන්නත් සියත 24 අපි දෙපාරක් හිතන්නේ නෑ. අන්න ඒ නිසයි අපි හොඳින් දන්න කෙනෙක් වුනත් ඔහු කරපු දේ ගැන ඔබටත් කියන්න හිතුනේ. මොකද හොඳ දේවල්, කරන්නේ කවුද කියන එක නෙවෙයි  හොඳ දේවල් කරන්නේ කොහොමද කියන එකයි වැදගත්.

නත්තල සමරන්න ඔබ මේ වෙද්දිත් ලොකු ලොකු Plan ගහලා ඇති. ඒ අතර අසරණ කෙනෙක්ට පිහිට වෙන්න, දරුවෙක්ට පොතක් පතක් අරං දෙන්නත් සමහර විට ඔබ හිතන්න ඇති. හැබැයි ඒ වෙනුවෙන් සෑහෙන්න හිතලා, ඇත්තටම අසරණ වුණු පවුලක් ඔබ තාම හොයනවා ඇති. ඒත් මේ මොහොතේ ඔබේ ඇස් ඉස්සරහා ඔබේ සෙනෙහස, ඔබේ ආදරය ඕන කරන කෙනෙක් ඇති. අවාසනාවට තාම ඒ මුහුණ ඔබ දකින්න නැතුව ඇති. ඒ නිසා මෙන්න මේ Facebook සටහන පරිස්සමට කියවලා බලන්න.

“අද මාර දවසක් මං දැක්කා මිනිස්සු ආදරය බෙදාගන්න ලස්සන……
බැඳීම් අළුත් කරන අපූරුව.
ලඟින්ම ඉන්න අයට නොපෙන්නුවට ආදරය ඒක ඕන කරන වේලාවට ඉතිරෙන්න මදි නොකියන්න බෙදල දෙන්න පුලුවන් බව මට තේරුනා…. සියත පවුල පුංචියි, එත් අසමසමයි….. ඒක ආයෙත් අපි ඔප්පු කලා….
විඩාපත් දවසක් නිමා කරලා ආපහු හුරුපුරුදු මගේ පුංචි පැළට බිරින්දෑ සමඟ එද්දී….
ටිකකට බඩගැන වද වෙන්න අපි රොටි කඩයක් ළඟ නැවතුනා….

අනේ අපි ඇතුලේ ආදරෙන් සහ රොටි කද්දී පුංචි එකෙක් වැස්සේ හදුන්කූරු විකුණනවා…
මට එක පාරටම මගේ secret santa මතක් උනා….
මං පොඩි එකා ලඟට ගියා….

පුතා කාලද?

නෑ අන්කල්…

ඉස්කොලේ යනවද? ගෙදර කවුද ඉන්නේ?
කොල්ලා මං දිහා බලාගෙන පුදුම අහිංසක කමකින් උත්තර දුන්නා…

යං ඇතුලට අපි මොනාහරි කමු……

බෑ මහත්තයා පුලුවං නම් ගෙදර ඉන්න නංගී මල්ලිටයි ගෙනියන්න මොනාහරි අරං දෙන්න….

මගේ පපුව හීනියට රිදීගෙන ගියා……

මං මගේ ආදරී එක්ක එකතුවෙලා එ පුංචි හීනේ හැබෑකලා….
එත් පොඩ්ඩා අද දවසට තාම රුපියල් සියකවත් හදුන්කූරු විකුණලා නෑ….
ඉතිං කොහොම ගෙදර යන්නද….
මං ඒ යුතුකමත් කලා….

මට මේ පිතුරේ දලා අනේපිඩු සිටුතුමා වෙන්න ඕනේ නෑ…. ඔබට පුලුවං පුංචි අහිංසක හිතක් මොහොතකට හරි සතුටු කරන්න.

පොඩිඩා මං දිහයි අපේ නෝන දිහයි බලල එයගේ බයිසිකලේ ළඟට එක පිම්මට දුවලා ගිය හැටි මට මැරෙන කං අමතක වෙන එකක් නෑ… මට ඒ හොදටම ඇති….

මට ලැබුනු නත්තල් තෑගී වලට මං ආදරය එක්කරලා නොදන්න පොඩ්ඩෙක්ට නත්තල් තෑගී කලා….

ආදරය කරන්නේ??? කාටද නෙමෙයි ආදරය කරන්නේ කොහොමද කියන එකයි වැදගත්….. එහෙම නේද?”


News Articles
Latest Videos
Most Popular Post