News Line| Off Air
Generic placeholder image

Dec
18

ආන්දෝලනාත්මක විනිසුරු තීරණ සහ උපුල් තරංගගේ පා වැරැද්ද නිසා ඉන්දියාව වාර්තා පිට වාර්තා තියයි. ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩකයින් නමට විතරද? – ඊයේ තරඟයේ විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

3188 Views


ආන්දෝලනාත්මක විනිසුරු තීරණ සහ උපුල් තරංගගේ පා වැරැද්ද නිසා ඉන්දියාව වාර්තා පිට වාර්තා තියයි. ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩකයින් නමට විතරද?  – ඊයේ තරඟයේ විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

මේ අවුරුද්දේ 5 වෙනි එක්දින තරඟාවලියත් ලංකාව පරාජය වුනා. එ් ඉන්දියාව එක්ක තිබ්බ අවසන් එක්දින තරඟයේ පරාජයත් එක්ක. තීරණාත්මක 3 වෙනි තරඟයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගන්න ඉන්දියාව සමත්වුණා. ලංකාව මේ අවුරුද්දේ දකුණු අප්‍රිකාවට, සිම්බාබ්වේට, ඉන්දියාවට, පාකිස්තානයට එරෙහිව තරඟාවලි පරාජයන් ලැබුවා. බංගලාදේශයට එක්ක තිබ්බ තරඟාවලිය යන්තම් 1 – 1 ක් විදියට අවසන් වුනා. එ් වගේම මේ අවුරුද්දේ ඉන්දියාවට එරෙහිව ලැබුව දෙවෙනි තරඟාවලි පරාජයත් මේක.

ඊයේ ලංකාව තරඟයට අාවේ එක් වෙනස්කමක් එක්ක. එ් දිගටම අසාර්ථක වුන තිරිමාන්න වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවලා. කාසියේ වාසිය දිනපු ඉන්දියාව මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට අාරාධනා කරා. පළවෙනි කඩුල්ල විදියට ධනුෂ්ක ලකුණු 13 කය දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන තරංග සහ සදීර ශක්තිමත් ලකුණු 121 ක සබඳතාවක් ගොඩනැගුවා. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත සදීර ලකුණු 42 ක් රැස් කරා. එ් 4 පහර 5 ක් සමඟින්. ලංකාවේ ඉණිමේ අඩිතාලම දැම්ම තරංග ලකුණු 95 යි. ඔහුගේ ඉනිමට 4 පහර 12 ක් සහ දැවැන්ත 6 පහර 3 ක් අැතුලත් වුණා. අවාසනාවන්ත ස්ටමප් කිරීමකට හසු නොවෙන්න තරංගට පහසුවෙන් ශතකය ලබා ගන්න තිබ්බා. තරංග මේ අවුරුද්දේ ලකුණු 1,000 සිමාව පහු කරන්න සමත්වුණා. එ් වගේම මේ වසරේ වැඩිම එක්දින කඩුලු ලාභින් අතර 3 වෙනි තැනට එන්න සමත්වුණා. මැතිව්ස් ලකුණු 17 යි. ලංකාවේ වෙන කිසිම පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

අාරම්භක පිතිකරුවන් ලබා දුන්න සාර්ථකත්වය දිගටම පවත්වා ගන්න මැදපෙළ පිතිකරුවන්ට බැරිවුණා. ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩකයන් අැත්තටම තුන්ඉරියව් දක්ෂතා තියෙන අයද කියන ප්‍රශ්නය තියෙනවා. සචිත් පතිරණගෙන් සහ නායක තිසර පෙරේරාගේ කණ්ඩායම තුල කාර්යභාර්ය ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා.

ලංකාවේ අවසන් කඩුලු 7 ලකුණු 55 ක් තුලදී දවා ගන්න ඉන්දීය පන්දු යවන්නන් සමත්වුණා. ලංකාවේ ඉනිම විනාශ කල කුල්දීප් යාදෙව් සහ යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 3 බැගින් දවා ගත්තා. පාණ්ඩ්‍යා කඩුලු 2 යි.

ලකුණු 215 ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කඩුලු 2 ක විතරක් දැවී යද්දී තරඟය ජයග්‍රහණය කරා. නායක ෂර්මා ලකුණු 7 කට දැවී ගියා. ශිකර් ධවාන් සහ ශියාර් අයියර් දෙවෙනි කඩුල්ලට ලකුණු 135 ක් රැස් කරා. අයියර් ලකුණු 65 යි. දිනේශ් කාර්තික් නොදැවී ලකුණු 26 යි. ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගිය ධවාන් නොදැවී ලකුණු 100 යි. තිසර සහ ධනංජය එක කඩුල්ල බැගින් දවා ගත්තා. ලංකාවේ පන්දු යවන්නන් අමතර ලකුණු 21 ක් ඉන්දියාවට ලබා දීමත් කැපී පෙනුනා. නවසීලන්තයට පස්සේ නොකඩවා වැඩිම එක්දින කරඟාවලි ජයග්‍රහණය කරපු රට විදියට ඉන්දියාව වාර්තා අතරට ගියා. තරඟයේ වීරයා කල්දීප් යාදෙව්. තරඟාවලියේ වීරයා ශිකර් ධවාන්.

 


News Articles
Latest Videos
Most Popular Post