News Line| Off Air
Generic placeholder image

Dec
19

අද ලග්න තුනකට මංගල යෝග උදා වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

611 Views


අද ලග්න තුනකට මංගල යෝග උදා වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 19 වන අඟහරුවාදා

රාහු කාලය: ප.ව.03.03 සිට 04.30

සුභ දිශාව: දකුණ

 

 

 

 

මේෂ ලග්නය

අන් අය තේරුම් ගැනීමේ බලය ශක්තිය උදා වෙනවා. ආත්ම ශක්තිය වැඩි වෙනවා. දුරදිග බලා කටයුතු කිරීමේ බලය ඉතා වැඩි වෙනවා. කාටවත් ඔබව රවටන්න බැරි තත්වයක් ඇති වෙනවා. විවාහ ජීවිතය හෝ ප්‍රේම සම්බන්ධය තුල යම් මතබේදයක් තිබුණානම් ඒවා නිරාකරණය කරගත හැකි වෙනවා. වෙළඳපොළට යන්න, පතපොත මිලට ගන්න දියුණුව බුද්ධිය ප්‍රඥාව වැඩි කර ගන්න කදිම දවසක්. ගෙවල් දොරවල් ගැන වැඩිපුර සොයා බලනවා.

ජය වර්ණය: ලා රෝස පැහැය                         ජය අංකය: 09

වෘෂභ ලග්නය

දවසම ඔබට බුද්ධිය ප්‍රඥාව ආයුධයක් කොට පාවිච්චි කරන්න ඕන දවසක්. ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය මත්පැන් පානයෙන් තොර වීම, අකීකරු වීම, ඒවගේම නොදන්නා දේවල් කිරීමෙන් ඉවත් වීම වැනි කරුණු තියෙනවා. ඔබට රාජකරි ස්ථානයේ හෝ ස්වයං ව්‍යාපාරික ස්ථානයේ හෝ කිසියම් රාජකාරි ස්ථානයකින් පැවරෙන වගකීමක් භාර ගන්න සිද්ධ වෙනවා. සමාජයේ අය සමඟ කරන ගණුදෙනු පිරිසිදුව කරන්න.

ජය වර්ණය: දම් පැහැය                            ජය අංකය: 08

මිථුන ලග්නය

ඔබ අද සෘජු ගණුදෙනු කරන අය. නිර්මාණකරණයට ඇති දක්ෂ අය. අන් අය පාලනය කරන්නට ඒ විතරක් නෙමෙයි කෙටිකථා, නවකතා පිටපත් නිර්මාණය කරන්නට අති දක්ෂයි. සහෝදරත්වයෙන් සාමුහිකත්වයෙන් හවුල් ගතියකින් වැඩ කිරීමේ භාග්‍ය ඔබට තියෙනවා. ඔබ අද ඔබගේ හිතවත් අයෙක් සමග හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් සුභයි. ලිපිලේඛන පොත්පත් පරිගණක උපාංග වාහන අමතර කොටස් වගේ දේවල් වලින් එය අරඹන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                      ජය අංකය: 07

 

කටක ලග්නය

ඔබ කලබල නොවන නිශ්ශබ්ද ගැඹුරු කල්පනා වලට. දක්ෂ පසු විපරම පෙර විපරම නිතරම හොයන ගති ලක්ෂණ තියෙනවා. අද දින බාධක තත්වය මර්ධනය කරගෙන කටයුතු කිරීමට දක්ෂ වෙනවා. මංගල යෝග උදා විය හැකියි. අද ප්‍රවේසම ගැන වැඩිපුර හිතනවා.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                            ජය අංකය: 06

සිංහ ලග්නය

නිතරම මනා පෞරුෂය අන් අය පාලනය කිරීමේ ගතිය කළමනාකරණය කිරීමේ ගතිය ඉතා ඉහලයි. තීන්දු තීරණ ගැනීමේදී ස්වාධීන තීරණ ගන්නවා. නිර්මාණාත්මක අදහස් පහල වෙනවා. අතපසු වුණු කටයුතු ආරම්භය නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම අද දවස තුල ඉතා සුභයි. ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීමේ භාග්‍ය ඔබට හිමි වෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                              ජය අංකය: 05

කන්‍යා ලග්නය

මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස, මිනිස් වර්ගයාට ආදරය කරන ගතිය, සොබාදහමට ආදරය කරන ගතිය, වැඩි වෙනවා. අධික ලාභ ලැබීමට දක්ෂයි. ව්‍යාපාර වලටත් දක්ෂයි. ඔබගේ ආර්ථික තත්වය ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේවි.

ජය වර්ණය: තදකොළ පැහැය                                 ජය අංකය: 04

 

තුලා ලග්නය

ආදායම, වචන, කටහඩ දියුණු වෙනවා. දක්ෂතා මතු වෙන දවසක්. ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමේ අවස්ථාවකුත් ඔබට ලැබෙන්න පුළුවන්. දුර ගමන් කෙටි ගමන් වලින් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙනවා. සියලු ප්‍රශ්න වලදී ස්වාධීනව කටයුතු කරනවා. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් බවට පත්විය හැකියි.

ජය වර්ණය: තැඹිලි පැහැය                                       ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

දඩබ්බර ගතිය අද අඩු වෙනවා. සැහැල්ලු ස්වභාවය ඇති වෙනවා. අහිංසක ගති ඇති වෙනවා. කලබල නොවී ඉදිරියට යාමේ ගතිය ඇති වෙනවා. තමන්ගේ වරද යටපත් කරගෙන අන් අයව තර්කයෙන් දිනනවා. නීති ප්‍රශ්න වලින් වාසිදායක තත්ව නිර්මාණය වෙනවා. විදේශගත වෙන්න විදේශ භාෂා හදාරන්නත් සුභ දිනයක්.

ජය වර්ණය: රතු පැහැය                                       ජය අංකය: 02

 

 

ධනු ලග්නය

ඔබට කීර්තිය ලැබෙන දවසක්. අන් අය තේරුම් ගැනීමේ හැකියාව පවතිනවා. විශිෂ්ට අන්දමේ වෘත්තීය සුදුසුකම් ඇති අය. චිත්ත ප්‍රීතිය උතුරනවා. ඔබ යම් විෂයක් විභාගයක් අසමත් වුණානම් ඒ පිලිබදවත් කටයුතු කල හැකියි.

ජය වර්ණය: ගුරු පැහැය                                      ජය අංකය: 01

 

 

මකර ලග්නය

ඔබ අද කෝපයෙන් ද්වේශයෙන් වෙනත් අයගෙන් පලි ගැනීමේ චේතනාවෙන් කටයුතු කරන්න එපා. ලිපිලේඛන අත්සන් කිරීමේදී දෙවරක් කල්පනා කරන්න. නොතේරෙන දේවල් දන්න අයගෙන් අහගන්න. ආගමානුකුල දිනය ගත කරන්න. ශාරීරික මානසික වේදනා යටපත් වෙන දිනයක්. ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානයෙන් වලකින්න. දුර ගමන් යාමෙන් ඉවත් වෙන්න.

ජය වර්ණය: නිල් පැහැය                                           ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න. සාධාරණ ලෙස ඉගෙන ගෙන එහි පරතෙරටම යන අය. හදිසි ධන ලාභ ඇති විය හැකියි. මනසින් මොළයෙන් කරන වැඩ වලට දක්ෂ වෙනවා. රැකියා ව්‍යාපාර ස්ථාන තුල ඉතාමත් සුන්දර ස්ථානයක් උදා වෙන්න පුළුවන්. තරමක මංගල යෝග උදා වෙන්න පුළුවන්.

ජය වර්ණය: ලා නිල් පැහැය                                     ජය අංකය: 02

 

 

මීන ලග්නය

ඔබට එරෙහිව තිබුණු රහස් කුමන්ත්‍රණ එලි වෙනවා. සතුරන් මිතුරන් බවට පත්කර ගත හැකි දවසක්. දවසේ අසිරිය විදින්න පුළුවන්. අහිමි වුණු ආර්ථික දේපොළ තනතුරු ලැබීමේ භාග්‍ය හිමි වෙනවා. ආගමානුකුල කටයුත්තකින් දවස අරඹන්න.

ජය වර්ණය: ලා ගුරු පැහැය                                        ජය අංකය: 01

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post