News Line| Off Air
Generic placeholder image

Dec
19

අයිතිකාරයා ඉස්සරහම ATM කාඩ් එකේ දත්ත අරන් Account එකෙන් සල්ලි ගන්න මහා පරිමාණ ජාවාරමක් රට පුරා.

679 Views


අයිතිකාරයා ඉස්සරහම ATM කාඩ් එකේ දත්ත අරන් Account එකෙන් සල්ලි ගන්න මහා පරිමාණ ජාවාරමක් රට පුරා.

ව්‍යාජ විදිහට සකස් කරන ලද ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදු කළ මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තින් දෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා.

ඔවුන් කුළී පදනම මත ලබාගත් වෑන් රථයකින් ගිහින් ව්‍යාජ ලෙස සකස් කළ ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් මුදල් සහ භාණ්ඩ ලබාගෙන තියෙනවා. මෙම වංචාව සිදුකරල තියෙන්නේ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින්.

බැංකු පරිශ‍්‍රයෙන් එළියේ ඉන්න මේ පිිරිස මුදල් ලබා ගන්න එන ගණුදෙනුකරුවන් නොමග යවලා ඔවුන් සතුව තියෙන කාඩ්පත් පරීක්‍ෂා කිරීමට අරගෙන තියෙනවා. ඒ අදාළ බැංකුවේ ටෙලර් යන්ත‍්‍රයේ කිසියම් කි‍්‍රයාකාරකමක් සිදුවන බව කියල. ස්කිමර් ඩිවයිස් නමැති ඉතා කුඩා උපකරණයක් මඟින් ලබාගන්නා කාඞ්පතේ තොරතුරු උපයෝගී කර ගනිමින් සැකකරුවන් ව්‍යාජ කාඩ්පත් සකස් කරලා තියනවා.

ඒවා යොදා ගනිමින් මාතලේ, මතුගම, පැල්මඩුල්ල, රත්නපුර, බදුරලිය, කහවත්ත, දංකොටුව, මාරවිල, නාත්තණ්ඩිය, පන්නල, කොච්චිකඩේ, ගම්පොළ සහ නාවලපිටිය යන ප‍්‍රදේශවල බැංකු සහ සුපිරි වෙළදසැල්වලින් මුදල් සහ භාණ්ඩ ලබාගෙන තිබුණා. ඒවායෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 7 කට ආසන්න ය.

පොලීිසිය කියන්නේ කිසිඳු අවස්ථාවක තමා සතු බැංකු කාඩ්පත් වෙනත් පුද්ගලයින්ට ලබා දෙන්න එපා කියලයි. එමෙන්ම මෙවැනි ව්‍යාජ පුද්ගලයින්ට හසු නොවන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post