ලෝකයේ භයානකම යෝකර් පන්දු යවන්නා ලසිත් මාලිංග. කාලයක් ලෝකයම හොල්ලගෙන හිටිය මාලිංග දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නෑ. එ්කට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නපු නිසා ඔහුට තරඟ නොදෙන්න ක්‍රිකට් බලධාරීන් තීරණය කරපු එක.
මේ නිසා මාලිංග අායෙත් මුල්පෙළ ටෙස්ට් තරඟවලට ක්‍රීඩා කරන්න පටන් අරන් තියෙනවා. පාදයේ අාබාධය නිසා මාලිංග 2010 දී ටෙසට් තරඟවලින් ඉවත් වුණා. හැබැයි ක්‍රිකට් අායතනයේ කැපිල්ල නිසා අායෙත් මුල්පෙළ ටෙස්ට් තරඟවලට ක්‍රීඩා කරන්න ඔහු තීරණය කරලා තියෙනවා.
එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරමින් ටැමිල් යූනියන් කණ්ඩායම එක්ක තිබ්බ තරඟයකට තමයි මාලිංග සහභාගී වෙලා තිබ්බේ. මාලිංග පළවෙනි ඉනිමේදී පන්දු වාර 8 ක් යවලා කඩුලු 2 ක් දවා ගත්තා. ලකුණු 24 ක් විතරක් දුන්න මාලිංග එක නිලකුණු ඕවරයකුත් යැව්වා. දෙවෙනි ඉනිමේදී පන්දුවාර 2 ක් විතරයි ඔහු යැව්වේ.
මාලිංග අවුරුදු 7 කට පස්සේ සහභාගී වුන පළවෙනි ටෙස්ට් තරඟය මේක. ඔහු පළමුපෙල ටෙස්ට් තරඟ 84 කදී කඩුලු 585 ක් දවාගෙන තියෙනවා.