News Line| Off Air
Generic placeholder image

Dec
19

ජැක්සන් ඇන්තනිගේ දුව එක්ක නාමල් රාජපක්ෂගේ සම්න්ධය හෙළිවේ.

2484 Views


ජැක්සන් ඇන්තනිගේ දුව එක්ක නාමල් රාජපක්ෂගේ සම්න්ධය හෙළිවේ.

හිටපු ජනාධිපතිතුමාගේ ලොකු පුතා සහ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනිගේ එකම දුවගේ එකට ඉන්න Photo එකක් පහුගිය දවස්ටිකේ සමාජජාල උණුසුම් කරපු මාතෘකාවක් වුනා. මේ Photo එකේ තිබුනේ මාධවී වාහනය Drive කරන අතරේ නාමල් එහා සිට් එකේ ඉන්න ආකාරයක්. ඒ නිසා දෙන්නා අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා හොයන්න අපේ රටේ හැමෝම උනන්දු වුනා. ඒ ගැන සති අන්ත පුවත්පතක් එක්ක මාධවී කියල තිබුන විස්තරය තමයි මේ.

මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ?
ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නෑ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක. මගේ පශ්චාත් උපාධියේ වැඩත් කරනවා. නිවේදන, රංගන කටයුතුත් කරනවා. ජිම් යනවා. ඒවගේම මම උයන්නත් ගොඩක් කැමතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.

අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද?
නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයේදී මොහොතකට හරි මට තවත කෙනෙක් වෙන්න පුලුවන්. ඒ සුවිශේෂීත්වයටත් මං ආසයි.

අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් එහෙම සම්බන්ධ වෙන්නේ?
එහෙම සීමාවක් නෑ. වෙනත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිතය ගැලපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා.

දැන් එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද?
ඔව්. දැන් කළින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවනේ වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා.

අප්පච්චි මාධවීට සීමා පනවලා තියෙනවාද?
නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පනවලා නැහැ. නිර්මාණයකට මම කැමති නම් මට චරිතය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා සීමා කරලා හදලා නෑ.

මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරඟයක් නැද්ද?
නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන්දෙනාටම හොඳට සිංදු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරඟයක් නැහැ.

පසුගිය කාලේ මාධවීගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා?
ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.

ඇත්තටම නාමල් එක්ක මාධවීගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද?
එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැතිවෙනවා. ඒක ඔය දේශපාලන වුවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නෑ.

එතකොට මේ පැතිරෙන කතා බොරු?
ඔව් නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොන තරම් හාස්‍යජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාළු කන්නෙත් නෑ. එයා පාටිවලට ගියාම බොන්නේ ග්‍රීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තිනේනේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.

එහෙනම් මාධවී දැන් කාගේ හෝ පෙම්වතියක්ද?
මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චීගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නාගේ ආදරය මම ලබනවා. ආදරය නැතුව ජීවත්වෙන්න බෑ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැත්නම් මිනිස්සු වේලිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්ධියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ.

මාධවීගේ ජීවිතේ සුවිශේෂී දවසක් ලඟදීම උදාවෙයිද?
විශේෂ දවසක් එයි. ළඟදී කියලා සැලසුමක් නෑ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post